IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


හැමදෙම සමබරව කරගෙන යාමට උපරිම උත්සාහ කරනවා

20160830Shermil-1රැකියාවට සහ අධ්‍යාපනයට මුල් තැන දෙමින් නිරූපණය පිවිසි ඇය ශර්මි කල්පනා වෙයි. නිරූපණය තුළින් සෙමින් ගමනක යෙදෙන ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබස් කිරීමට අපත් සමග මෙලෙසින් එක්විය.

 

රැකියාවක් කරන ගමන්ද නිරූපණයට එකතු වුණේ?

මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් ඉන්ටර්කෝන්ටිනල් හරහා තමයි මාව කට්ටිය හඳුනගන්නේ. තරගය අවසන් වෙනවාත් එක්කම රැකියාව හා සම්බන්ධ වුණා. ඒ අතරතුර නිරූපණයට අවස්ථාව ලැබෙනවා. හැබැයි මගේ පළමු තැන මගේ අධ්‍යාපනයට සහ රැකියාවටයි.

 

20160830Shermil-5අධ්‍යාපනය සහ රැකියාව නිසා නිරූපණයේ ඇතැම් කටයුතු මග හැරෙන්නේ නැද්ද?

මේ වෙන කොට නම් එහෙම ගැටලුවක් වෙලා නැහැ. මං හැමදේම කරන්නේ හොඳින් කළමනාකරණය කරගෙනයි. හැමදේම සමබරව කරගෙන යන්න මං උපරිම උත්සාහ කරනවා.

 

ඇයි නිරූපණයට එකතු වෙන්න කැමති වුණේ?

එක් මගේ පොඩි කාලේ ඉඳලා තිබුණ ආසාවක්. ඒ වගේම මගේ හැකියාවන්ගෙන් යම් දෙයක් කරන්න ඕනේ කියල මට හිතුණා.

 

මේ වනවිට දායක වෙලා තියෙන වැඩකටයුතු මොනවාද?

ෆොටෝ ෂූට්, මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහා ආරාධනා ලැබුණා. මේ වනකොට නම් ෆොටෝ ෂූට්වලට විතරයි සහභාගී වුණේ. ලැබෙන කාලයත් එක්ක අනිත් වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

අද නිරූපණය ගැන මොකද හිතෙන්නේ?

මං හිතන්නෙ ලංකාවේ ඉස්සරට වඩා තැනක් අද නිරූපණයට තියෙනවා. අවස්ථා වැඩි. කොහොම වුණත් නිරූපණය කියන්නෙ හොඳ අවබෝධයකින් යන්න ඕන ගමනක්.

 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මං මේ තරම් දුරක් ආවේ ගෙදරින් ලැබෙන සහයෝගය නිසා තමයි. එයාලා හැමවෙලා‍වේම මගේ පිටුපසින් ඉන්නවා සහ මං කළයුතු තෝරගන්න මට හැමවෙලාවේම උදව් කරනවා.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මං ඉදිරිය ගැන ගොඩක් ලොකුවට ප්ලෑන් හදන කෙනෙක් නෙවෙයි. මේ කරගෙන ආවා වගේම ඉදිරියටත් සාර්ථකව වැඩ කරගෙන යන්න තමා. බලාපොරොත්තු වෙන්නේ. රැකියාව සහ අධ්‍යාපනය සමගම තෝරා බේරාගෙන් නිරූපණ හා කලාකටයුතුවලට දායක වෙන්නේ බලාපොරොත්තු වෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවද?

ඔව්, ගොඩක් අය ඉන්නවා මං ඉස්සෙල්ලාම ස්තූති කරන්නේ මගේ අම්මටයි, තාත්තටයි. ඒ දෙන්නා නිසා තමයි අද මං මෙතැන ඉන්නේ. ඒ වගේම ලොකු අම්මා ඇතුළු පවුලේ හැමදෙනා. ඒවගේම මිස් ශ්‍රී ලංකා තරගයේ මට මුණගැහුණු හැමෝම මතක් කරන්න ඕනි. විශේෂයෙන් මගේ Creative Director දිනේෂ් චන්ද්‍රසේන, රොශාන් සර්, අනුෂියා ඇතුළු අපේ කණ්ඩායම. ඒවගේම මට මගේ යාළුවන්ව. ගොඩක් අය ඉන්නවා නම් වශයෙන් කියන්න බැරි. මොකද එක නමක් හරි මඟ හැරුණොත් තරහ වෙයි. ඒ නිසා උදව් කරපු හැමෝම ආදරයෙන් මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

20160830Shermil-2 20160830Shermil-3 20160830Shermil-4



අදහස් (0)

හැමදෙම සමබරව කරගෙන යාමට උපරිම උත්සාහ කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site