(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ශල්‍යකර්මයකට ලක් කළ රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා හෝමාගම මූලික රෝහලේ ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකය අද(06) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ සහ ශල්‍යකර්මයට සහභාගී වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පී.සී.ආර් පරීක්ෂණයට ලක් කරන තෙක් ස්වයං අවධානයට ලක් කිරීමට පියවර ගත් බවද වෛද්‍යවරයා පැවසීය.
ඉකුත් 4දා රිය අනතුරකට ලක් වූ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලේ තුනේ වාට්ටුවට ඇතුළත් කර ඇතැයි ඒ මහතා කීය. පසුව ඔහුගේ අසාධ්‍ය තත්වයේ හේතුවෙන් 05 දා ශල්‍යකර්මයකට යොමු කර ඇති අතර එහිදී පී.සී.ආර් පරීක්ෂණයකට ද ලක් කර ඇතැයි පැවසේ.
ශල්‍යකර්මයෙන් පසුව ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇත. රෝගියාගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව අද ලැබී ඇති අතර එහිදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇතැයි පැවසේ.
ඒ අනුව රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ ශල්‍යාගාරය විසබීජහරණය කර යථා තත්ත්වයට පත් කරන තෙක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන, ශල්‍යකර්මය සඳහා සහභාගි වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජනිත ආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .
විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු
තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය ස
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකය-ශල්‍යාගාරය වසා දමයි
janahitha UAE Friday, 06 November 2020 02:01 PM
අපේ සුබපැතුම්...!!!