IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


හදාගන්න බැරි බබාලා බාර ගන්න කවුළුවක්

(සුජිත් හේවාජුලිගේ )

මවුපියන් දරුවන් මහමග අතහැර යාමේ සිද්ධීන් හැටක්  පසුගිය වසර  හයේදී වාර්තාවී ඇතැයි  පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ  කොමසාරිස් එන්.අයි ලියනගේ මහතා පැවසීය.

මේ අනුව හදාවඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් බාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන බව දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මේ අතර  දරුවන් 80 දෙනකු විවිධ හේතු මත එම කාලයේදී ඝාතනයට ලක්ව ඇතැයි පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරයා කීවේය.

දරුවන් බාර ගැනීමේ කවුළුවලට සිය දරුවන්  බාරදෙන මවුපියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව පවසන  ලියනගේ මහතා මේ සඳහා වන නව නීති පාර්ලිමේන්තුවට නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිත බවද  ප්‍රකාශ කළේය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය මාර්ගයෙන් මෙම නව නීති පාර්ලිමේන්තුවට නුදුරේම ඉදිරිපත් කෙරෙනු ඇත.



 

 



අදහස් (5)

හදාගන්න බැරි බබාලා බාර ගන්න කවුළුවක්

fairoos Wednesday, 03 May 2023 04:53 PM

අනේ හොඳයි... ළමයා කැලේට විසිකරන අම්මලාට කවුළුවලින් දාලා යන්න පුළුවන්...

:       1       10

de silva berlin Wednesday, 03 May 2023 05:10 PM

හොඳ අදහසක්..., ළමයින් නොමැති දෙමව්පියන්ට මෙම දරුවන් නීත්‍යානුකූලව ලබාදෙන්න පුළුවන්. යුරෝපීය රටවල නම් මේ බොහෝ කලක සිට ක්‍රියාත්මක වෙනවා.

:       1       7

ආනන්ද Wednesday, 03 May 2023 05:18 PM

මේ කටයුත්ත සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ සහාය ගතහොත් ඉතාමත් සාර්ථක වෙන්න පුළුවන්... මොකද ඔවුන්ට දරුවන් ලැබෙන්න සිටින මව්වරු දැනුවත් කිරීම ඉතාමත් පහසුයි.. එහෙම නැත්නම් මධ්‍යම රජයේ පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින්ට කරන්න ලොකුවට කටයුතු නැතිනිසා මේ කටයුත්ත ඔවුන්ට කරන්න පුළුවන් වේවි ඒත් පරිවාස කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව අයත් වන්නේ මධ්‍යම රජයට නොවෙයි කියලා හිතෙනවා...

:       1       6

ගමේ එකාලා Thursday, 04 May 2023 03:28 AM

මීට පස්සේ බබාලා කෝච්චියේ වැසිකිළියේ තියන්ඩ වෙන එකක් නැහැ.කව්ලුවක් ගාව තියලා ගියාම වැඩේ හරි

:       0       3

Bamunuarachchi Friday, 05 May 2023 09:26 AM

හදාගන්න බැරි බබාලා කවුළු අස්සෙන් ගන්නේ මොකද? දොර අරලාම නම්බුකාර විදිහට බාර ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැසේ
2025 මැයි මස 10 1 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 60 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 398 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1607 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2691 4

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 504 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1362 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site