IMG-LOGO

සා පෙළ සිසුවාට පහරදුන් 5ක් අල්ලයි

(සුමිත් පොතුපිටිය)  

අපොස සාපෙල විභාගයට පෙනීසිටීන සිසුවෙකුගේ මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය වන්නට යටි බඩට පයින් පහරදීමේ සිද්ධිය සම්බන්දයෙන් පාසල් සිසුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරකෑමට ලක්වූ සිසුවා ඉගෙනුම ලබන  පානදුර ජනප්‍රිය පාසලේම අපොස සාපෙල විභාගයට පෙනීසිටීන සිසුන් පස්දෙනෙකු බව පොලිසිය කීය.

පෙරේදා (02) පානදුර ජනප්‍රිය පාසලක අපොස සාපෙල විභාගයට පෙනීසිටී සිසුවෙකුට තවත් සිසුන් පස් දෙනෙකු පහරදුන් බවට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

පහරකෑ සිසුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර,  මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය විමක් සිදුව ඇති බවත් රෝහල් ආරංචි මාර්ගවල් සදහන්වේ .

තවදුරටත් පැමිණිල්ල විභාග කිරීම අවශ්‍ය නොවන බවට පැමිණිලිකරු විසින් ඉල්ලා සිටීම හේතුවෙන් අත්අඩංගුවට පත් සිසුන් පස්දෙනා පොලිස් ඇපමත මුදාහැරීය බවද උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය.



අදහස් (3)

සා පෙළ සිසුවාට පහරදුන් 5ක් අල්ලයි

පැරකුම් Sunday, 04 June 2023 03:10 PM

මොකටද එහෙනම් පැමිණිලි කළේ? විත්ති පාර්ශවයේ අනියම් බලපෑමක්ද? සොයා බැලීම වටී...

:       0       26

ajith Sunday, 04 June 2023 03:16 PM

ඔය තමයි නව පරම්පරාවට හැම දෙයක්ම කුලල් කා ගැනීමෙන් විසඳිය හැකි බවට ආදර්ශයක් දෙන අවර ගනයේ මෙගා ටෙලි නාට්‍යවල ආදර්ශය...

:       0       29

Bunny Preena Monday, 05 June 2023 01:09 PM

පනින වඳුරන්ට ඉනිමන් දැම්මා වගේ. පහරකෑම නිසා අතුරු ප්‍රතිඵල පසු කාලෙකදී විඳිනකොට පැමිණිලිකරුට තේරෙයි සමාව දීලා කරගත්තේ ගොන්කමක් කියලා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 500 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site