(ඩයනා උදයංගනී)
සශ්‍රීක පොළවක් ඇති සුන්දර රටක් වන ශ්‍රී ලංකාවට පිටරැටියන්ගෙන් ණයට ඉල්ලාගෙන ජීවත්වන්නට සිදුවීම කණගාටුදායක කරුණක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
වත්මන් සමාජයෙන් අවංකකම තුරන්ව ගොස් ඇතැයි කී අගරදගුරුතුමෝ පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා පගා ගැනීම සිදුවන බවත්, රට භාරගන්නා නායකයන් පවා කටයුතු කරන්නේ එලෙස බවත් සඳහන් කළහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ පන්නිපිටිය, ක්‍රිස්තුරාජ දේවස්ථානයේ දී අද (25) මධ්‍යම රාත්‍රියේ පැවති නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමිනි.
දෙසැම්බර් මාසය පටන්ගන්නා විටම නත්තල ගැන වෙළඳ දැන්වීම් පළකරමින් ජනතාව තුළ අවශ්‍ය හා අනවශ්‍ය සියලුදේට ආශාව ඇතිකරවා ඔවුන් හැඟීම්වලට වහල් කර කර්මාන්තශාලාවල නිෂ්පාදන ගිලින්නන් පිරිසක් බවට පත්කෙරෙන බව ද කාදිනල්තුමෝ මෙහිදී පැවසූහ.
නත්තල් සමයේදී විවිධ දෑ මිලදීගෙන අල්මාරියේ අවශ්‍ය සහ අනවශ්‍ය ඇඳුම් ගොඩක් එකතුකළත්,ගව මඩුවක ඉපදී, ගව ඔරුවක සැතපී කුරුසියෙන් ජීවිතය අවසන් කළ ස්වාමීන් වහන්සේ ලබාදුන් පණිවුඩය එය නොවන බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
ලෞකික දේ පසුපස යමින්, ඒවා රැස්කරන්නට උත්සාහ ගන්නා අයගේ දෙවියන් වහන්සේ වන්නේ තමන් කුස බව කී කොළඹ අගරදගුරුතුමෝ මේ ක්‍රමය ඇරඹුණේ නිදහස් වෙළඳ ආර්ථිකය නිසා බවත් ඒ තුළ සියලු දේ පිටරටින් ගෙන්වාගන්නට පුරුදුවීම වර්තමානයේ දී රටතුළ දැවැන්ත අර්බුදයකට හේතු වී ඇති බවත් පැවසූහ.
(ඡයා ශාන්ත රත්නායක)
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සශ්‍රීක රටක් ඉල්ලන් කෑම කණගාටුයි
Supuni Sunday, 25 December 2022 06:04 PM
මේ රට සුද්දෝ අල්ලගත්තාම උන්ගෙන් ඉල්ලගෙන කාලා උන්ගේ ආගම වැළඳ ගත්තු උන් නිසා පිටරැටියන්ගෙන් ණයට ඉල්ලාගෙන ජීවත්වන්නට සිදුවීම කණගාටුදායක කරුණක් තමා කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ.
චින්තක Monday, 26 December 2022 06:47 AM
මෙම අදහස ඉතාමත් නිවැරදියි මොකද එවුන් ලංකාව යටත්කර ගන්න පෙර ලංකාවෙන් සහල් පිටරට ගෙනගියා සුද්දා ලංකාවෙ තිබුන වැව් අමුණු සහ කුඹුරු වතුපිටි විනාශ කලා.පංසල් ගිනිතබා විනාශ කලා. වටිනා සම්පත් පැහැරගෙන ගියා .මිනිස්සු කන්න බොන්න නැතුව සිටින විට ආගමට හරවාගෙන තාන්න මාන්න දුන්නා. උන්දෙන කෑම පුරුදු කලා ආගම වැළදගත් අයට පහසුකම් සැලසුවා. එදා සිට අනුන්ගේ කෑමට පුරුදු වුනා .නිදහස ගත්තට පස්සෙ පත්වූ සමහර පාලකයො බැලුවෙ රටින්ම ගෙනවිත් අඩුවට දීලා හැමදාම බලයේ ඉන්න තමයි ඒත් ඩීඑස්,ඩඩ්ලි ජෝන් සිරිමාවෝ මැතිණි ආදින් මහලොකු සමාජ වාදීන්ගේ තර්ජන නොතකා ලංකාවෙ ගොවිතැන දියුණුවට කටයුතු නොකලානම් මොනවා වෙයිද හිතාගන්න බැහැ
සුරංග Monday, 26 December 2022 03:50 PM
දැනුත් වරින්වර විවිධ ක්‍රමයට ආගමට හැරවීම කරනවා කියලා අහන්න ලැබෙනවා. එදාවේල සොයාගන්න බැරුව සිටින අහිංසක මිනිස්සු මේවාට ඉලක්ක වෙනවා
Lal Sunday, 25 December 2022 06:24 PM
ඔහුත් දැනගෙන හිටිය පාස්කු ප්‍රහාරය ගැන. නමුත් කවදාවත් ඔහු පෙර දැනුම්දීමක සිදු කලේ නැත.
pakeer Monday, 26 December 2022 01:04 AM
කාදිනල් නෙමෙයි .බුදුන් වහන්සේ දැන් ඇවිත් මේ රටේ ඉන්න පව් කාර කාලකන්නින්ට දේශනා තිබ්බත් මුන්ගේ අලැජ්ජා ගති ඇරෙන්නේ නැහැ.මේක මෙච්චරයි.නිකන් වචන නාස්ති කිරීමක් විතරයි .මේකේ ඉන්න මූසල නායකයොන්ටම සෙට් උන කාලකන්නි ජනතාව
Peduru Monday, 26 December 2022 05:02 AM
විවෘර්ත ආර්ථිකයට නොවේ. හේතුව 1972 ව්‍යවස්ථාව . පල් හොරු රැලකට අසීමිත බලය ලබා දීම හා ඒ හොර රැලේ හිටිය කම්බ හොරැන් පස්සේ ගිය අය