IMG-LOGO

සංවර්ධන ලොතරැයි ප්‍රතිඵල ජංගම දුරකතනයෙන්

(මහින්ද නිශ්ශංක)

සංවර්ධන ලොතරැයි නිල ප්‍රතිඵල ජංගම දුරකතන මගින් ලබාගැනීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඊයේ (24) සිට පහසුකම් සලසා ඇත.

ඩයලොග් ආයතනය සමග එක්ව ක්‍රියාත්මක කෙරෙන ජංගම දුරකථන මගින් ලොතරැයි ප්‍රතිඵල ලබාගැනීම සඳහා කළ යුත්තේ ජංගම දුරකථනයේ ඩීඑල්බී (DLB) ලෙස ටයිප් කර 7272ට කෙටි පණිවිඩයක් යැවීම පමණක් බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා පැවැසීය.

ජංගම දුරකථන මගින් ලොතරැයි ප්‍රතිඵල නිකුත් කිරීමේ වැඩපිළිවෙළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් එම ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදී ඊයේ (24) පෙරවරුවේ නිලවශයෙන් ආරම්භ කෙරිණ.
අනතුරුව මෙම සේවාව පිළිබඳ මාධ්‍යයට කරුණු දක්වමින් සභාපති සූරියප්පෙරුම මහතා කියා සිටියේ බොහෝවිට ලොතරැයි දිනුමක් හිමි වූවන් එය පරීක්‍ෂා කර ගැනීමට අවස්ථාවක් නොලැබීම නිසා බොහෝ ජයග්‍රාහකයන්ට එම අවස්ථාව මඟ හැරෙන බවත් එම නිසා ඔවුන්ගේ ජයග්‍රහණය තවදුරටත් තහවුරු කිරීමට මෙම ක්ෂණික ලොතරැයි ප්‍රතිඵල සේවාව හඳුන්වා දෙන බවත්ය.

කාර්ය බහුලතාවය නිසා ලොතරැයිපත් මිලදී ගන්නන්ගෙන් සියයට 1ක් 2 අතර පිරිසකට ලොතරැයි ප්‍රතිඵල බලාගැනීමට නොහැකි වන බව පැවසූ සභාපතිවරයා සියයට 45ක් ලොතරැයි කුටියකට ගොස් ප්‍රතිඵල බලාගන්නා බවද කීය.

තවද සියයට 15ක් පුවත්පත් මගින්ද සියකට 3ක් ලොතරැයි වෙබ් අඩවි මගින් ද රූපවාහිනිය හරහා සියයට 20ක් ලොතරැයි ප්‍රතිඵල බලාගන්නා බවද සභාපති සූරියප්පෙරුම මහතා පැවැසීය.

මේ අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න, අළෙවි උපදේශක විජය සමරනායක, සහකාර සාමාන්‍යාධිකාරීන් වන කසුන් ජයසූරිය හා චානක දොඩම්ගොඩගේ, ඩයලොග් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු අජිත් ගමගේ යන මහත්වරු සහ ඩයලොග් ආයතනයේ නිෂ්පාදන කළමනාකාරිණී මදුෂා ගුරුගේ මෙනවියද සහභාගි වූවාය.

 



අදහස් (0)

සංවර්ධන ලොතරැයි ප්‍රතිඵල ජංගම දුරකතනයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site