IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සේවක හිඟයෙන් රෝහල් පරීක්ෂණ නතර වෙයිද?

(රංජන් කස්තුරි)

රෝහල්වල තිබෙන බරපතල පුහුණු වෘත්තිකයන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේදී රෝහල් ගණනාවක සී.ටි.,එම්.ආර්,අයි සහ පෙට් ස්කෑන් පරික්ෂණ සේවා,හෘද කැතීටර් පරික්ෂණ ශල්‍යාගාර විකීරණ පරික්ෂණ සේවා නතර වීමේ අවදානමක් හටගෙන ඇතැයි රජයේ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. 

වීකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් තිබෙන හෙයින් සහ  සේවය කළ පරිසක් විදේශගතවීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි ද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.

කොළඹ ජාතික රෝහල,කොළඹ රිජ්වේ ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල,මහනුවර ශික්ෂණ රෝහල,කරාපිටිය,අනුරාධපුර,යාපනය, මඩකළපුව, රත්නපුරය බදුල්ල කෑගල්ල සහ පොලොන්නරුව රෝහල්වලත් තවත් පළාත් මහ රෝහල් රැසකගේ එම පරීක්ෂණ නතරවන බව ද ධර්මකීර්ති මහතා කීය. 



අදහස් (3)

සේවක හිඟයෙන් රෝහල් පරීක්ෂණ නතර වෙයිද?

Muthu Kumara Sunday, 17 September 2023 04:40 PM

ජනතාව සඳහා පරිපූර්ණ රජයක් ලෙස, ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පවතින සම්පත් සුරක්ෂිත කිරීම සඳහා දැඩි නීති රීති ක්‍රියාත්මක කළයුතු අතර ජනතාවගේ යහපැවැත්ම සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ඇති හැකියාව ඵලදායී ලෙස භාවිතා කළ යුතුයි.

:       2       0

pakeer Sunday, 17 September 2023 05:26 PM

ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන A/L බයෝ කරලා තියන අයට පුහුණු වීම් දී නව සේවකයන් ලෙස බඳවාගන්න

:       0       0

kamal Sunday, 17 September 2023 06:15 PM

ඔය හිඟකම් ඔක්කෝම තියෙන්නේ ආණ්ඩුවේ රෝහලේ විතරයි. මුදල් ගෙවා යන පුද්ගලික රෝහල්වල ඔය ප්‍රශ්න නැහැ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site