IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සේවකයන් ඉවත් කිරීමේදී කිසිදු වැරැද්දක් සිදුවී නැහැ

ප්‍රතිව්‍යූහගත කිරීමේ පියවරක් ලෙසින් සේවකයන් පිරිසක් ඉවත් කිරීමෙන් තමන් කිසිදු වැරැද්දක් සිදුකර නොමැති බව බහරේන බැංකුකරුවන්ගේ සංගමය අවධාරණය කරයි. 


අසාධාරණ ලෙසින් තමන්ව සේවයෙන් ඉවත් කර ඇති බවට බහරේන බැංකුකරුවන්ගේ සංගමයේ හිටපු සේවකයන් පිරිසක් විසින් සිදුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වෘත්තිය සමිති ක්‍රියාකාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


කෙසේ වෙතත් බැංකුකරුවන්ගේ සංගමයේ ප්‍රධානි විධායක ආචාර්ය වහීඞ් අල් කසීම් පවසන්නේ තමන් නීතියට පිටින් කිසිවක් නොකළ බවයි.
“අපේ නව උපායමාර්ගවල කොටසක් ලෙසින් මහජන සබඳතා, ඉසව් සහ බහරේන බැංකුකරුවන්ගේ ප්‍රකාශන ඇතුළු දෙපාර්තමේන්තු කිහිපයක් වසා දැමුවා” යැයි ඔහු පවසයි.


සිය සංගමයේ නව උපාය මාර්ගවලට ප්‍රතිව්‍යුහගත කිරීමද ඇතුළත් වුවත්, සේවකයන් ඉවත් කිරීම ගැන විමර්ශන සිදුකරන නිලධාරීන් සමග තම සංගමය සහයෝගයෙන් කටයුතු කරන බවද ඔහු පවසයි.


“සිය පැමිණිල්ල අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන්න සේවකයන්ට අයිතියක් තියෙනවා. අප ඔවුන් සමගම විවිධ අවස්ථාවලදී සහයෝගයෙන් කටයුතු කරලා තියෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.


බැංකුකරුවන්ගේ සංගමය සිය ප්‍රධාන කාර්යාලය සින්ජ් සිට මනමා නුවර එන්බීබී ටවර් වෙත රැගෙන ගොස් ඇත.


“අපි නව උපාය මාර්ගයන් ක්‍රියාත්මක කරමින් සිටින බව අප ඔප්පු කර පෙන්වා තියෙනවා. ඒ වගේම අපි කර්මාන්ත කටයුතු දෙපාර්තමේන්තුව ලෙසින් නව දෙපාර්තමේන්තුවක් පවා ස්ථාපති කරලා තියෙනවා” යැයි අල කසීම් පවසයි.


සාමාජිකයන් 60 දෙනෙකුගෙන් සමන්විත බහරේන බැංකුකරුවන්ගේ සංගමය දැඩි පීඩනයකට මුහුණ දී සිටින බව අල් කසීම් පිළිගත්තත්, සංගමය මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බවට නැගෙන චෝදනා ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි.


“කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ... එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා” ඔහු කියයි.



අදහස් (0)

සේවකයන් ඉවත් කිරීමේදී කිසිදු වැරැද්දක් සිදුවී නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 89 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site