IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සාලාවේ සති තුනක ජංගම සේවයක්

සාලාව පිපිරීමෙන් විනාශවූ උප්පැන්න, විවාහ, අධ්‍යාපන ආදී සහතික ඇතුළු ලිය කියවිලි ලබාගැනීම සඳහා සති තුනක ජංගම සේවයක් ක්‍රියාත්මක කරන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා අද (12) සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී පැවසීය.

වසා දමා තිබූ සාලාවේ සියලු පාසල් සඳුදා (13) විවෘත කරන බවත් තිබෙන ඇඳුමක් හැඳ එදිනට පාසල් පැමිණෙන ලෙස සියලු සිසුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද ඇමැතිවරයා කීය. පාසල් සිසුන් සඳහා සඳුදා යුද හමුදාව පාසල් උපකරණ කට්ටල බෙදා දීමටද නියමිතය.

කොස්ගම හමුදා කඳවුරේ පිපිරීමෙන් හානියට පත් නිවාස හිමියන්ගේ මුල් කණ්ඩායමට සඳුදා බොහෝ දුරට රුපියල් 50,000 ගෙවල් කුලී දීමනාව ගෙවීමට ඉඩ ඇතැයි සීතාවක ප්‍රාදේශිය ලේකම් එම්.එම්.එස්.කේ.බණ්ඩාර මාපා මහතා කියයි.



අදහස් (0)

සාලාවේ සති තුනක ජංගම සේවයක්

දමිත් පාලිත Sunday, 12 June 2016 06:11 AM

ගග වතුර වලට හසු වෙච්ච අපිට මේ මොන මගුලක්වත් නැ. බලන්න වත් එකෙක්වත් අවේනෑ අපි තාම දුක් විදිනවා. (බ)

:       0       0

ලලිත් Sunday, 12 June 2016 03:57 PM

දමිත් සාලාවේ උන්නේ ආරක්ෂාකාරී තැන්වල ආණ්ඩුවෙන් හදල දුන්නු ගෙවල් කුලියට දීල ආපසු ආපු කට්ටිය නෙමෙයිනේ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 590 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 737 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site