IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සල්ලි දීලත් ගන්න ලේසි නැතිලු

2016-07-14-ent-04හිටපු ලොකුතැන පසුගියදා රජරට පළාතෙ සංචාරයකට උඩින් යන්න ප්ලෑන් කළා. පළාතෙ මිනිස්සු උන්නැහේ කාර්යබහුල දවසක සංවිධානය කරපු උත්සවයකට යන්නයි මේ ගුවන් ගමන කරන්න හිටියෙ...

ඉතින් ආරස්සාවත් හොඳ නිසා ආණ්ඩුවෙ හමුදාවෙන්ම හෙළිකොප්ටරයක් සල්ලි ගෙවල ගන්න ඉල්ලුවම ගමනෙ විස්තර එහෙමත් අරගෙන. අනේ එදාට හෙලිකොප්ටර නෑනේ. ඔක්කොම "බුක් නෙ" කියල බලධාරින්ගෙන් උත්තර ලැබුණා.

ඊළඟට හිටපු ලොකුතැනට හිතවත් උඩරට මන්ත්‍රීතුමෙක් අතින් සල්ලි ගෙවල යන්න පෞද්ගලික හෙලිකොප්ටරයක් කුලියට ගන්න මුදල් බැන්ද...
ඊළඟට බලධාරින් කිව්වලු එදාට ඔය යන්න තියන පළාත ආරක්ෂිත කලාපයක්. රජරට යන්න ඕන නම් කෙළින් පාරෙ යන්න බැහැ වටෙන් යන්න කියලා... හැබැයි අර පැත්ත හතර මායිමේ යන්න බැහැ කියල තහනම් ගුවන් කලාපයක් නම් කළාලු. 

ඒත් යන්න තිබුණ ගමන් ගණනාවක වැදගත්කම හින්ද වටෙන් ගිය ගමනට වැඩිපුර ගෙවල හරි යන්න ඕන කියල හිටපු ලොකුතැන ගමන ගියා... ඒත් යනකොට හුඟක් ප්‍රමාද වුණ නිසා එයාට එන ගමන ගුවනින් එන්න ලැබුණෙ නැතිලු. ඒ නිසා උඩින් ගිහින් බිමින් ආවලු...

 

DESHAYA



අදහස් (0)

සල්ලි දීලත් ගන්න ලේසි නැතිලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 363 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site