IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘සිරි දළදා වන්දනාව’ 18 වැනිදා ඇරඹේ

(යොහාන් භාසුර)

ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ලෙස සැළකෙන ‘දන්ත ධාතූන්’ වහන්සේ ප්‍රදර්ශනය කරන ‘සිරි දළදා වන්දනා - 2025’ මෙරට සහ ලෝක වාසී බෞද්ධයන්ට මහඟු අවස්ථාවක් බවත් ඇතැම් විට ජීවිතයේ එක වතාවක් පමණක් ලැබීමට ඉඩඇති එම අවස්ථාව මඟ නොහරින ලෙස ඉල්ලන බවත් අස්ගිරි මහ විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, නාරම්පනාවේ ආනන්දාභිදාන නාහිමියෝ අද (10) පැවසූහ.

‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී නාරම්පනාවේ ආනන්දාභිදාන නාහිමියෝ එසේ කීහ.  

වසර 16 කට පසුව පැවැත්වෙන දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය මේ මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන බවත් ආරම්භ දිනයේ පස්වරු 3.00 ට ආරම්භ වන දළදා ප්‍රදර්ශනය පස්වරු 5.30 ට අවසන් වන අතර ඉන් පසුව 27 වැනිදා දක්වා සෑම දිනකම මධ්‍යහන 12.00 සිට පස්වරු 5.30 දක්වා දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන බවත් නාරම්පනාවේ ආනන්දාභිදාන නාහිමියෝ කීහ.

දළදා ප්‍රදර්ශනය හුදෙක්ම විනෝද චාරිකාවක් බවට පත්කරගැනීමෙන් තොරව ගෞවරනීය ලෙස හික්මීමෙන් මෙන්ම පූජනීය අවස්ථාවක් ලෙස එයට සහභාගි වන ලෙස ඉල්ලා සිටින බව කී නාරම්පනාවේ ආනන්දාභිදාන නාහිමියෝ ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි මෙම දළදා ප්‍රදර්ශනයෙන් ආධ්‍යාත්මික ප්‍රබෝදයක් බලාපොරොත්තු වන බව ද සඳහන් කළහ.
මෙම දළදා ප්‍රදර්ශන සංවිධානය කිරීමේදී අස්ගිරි සහ මල්වතු විහාරස්ථාන, දළදා මාළිගාව, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන සංවිධාන කටයුතුවලට දායව සිටින අතර තවත් ආයතන කීපයක් සහයෝගය දක්වන බවත් එසේ නොමැතිව පසුගිය කාලයේ වාර්තා වූ පරිදි වෙනත් කිසිඳු පාර්ශවයක් පහසුකම් සැපයීමට සම්බන්ධව නොමැති බවත් නාහිමියෝ වැඩි දුරටත් පැවසූහ.

මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාලාභිදාන නාහිමියෝ පැවසුවේ ධාතූන් වහන්සේ වැදපුදාගැනීම සඳහා පෝලිම් තුනක් සූදානම් කර ඇති බවත් ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම පුද්ගලයන් 35,000 කට පමණ රාත්‍රී ආහාර සැපයීමට සූදානම කර ඇති බවත්ය.

මෙම ධාතූන් ප්‍රදර්ශනයට සමගාමීව දළදා මාලිගාවේ ඉතිහාසය ඇතුළත් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් සූදානම් කර ඇති බව කී මහවෙල රතනපාලාභිදාන නාහිමියෝ දළදා මාළිගාව පිළිබඳව පසුගිය කාලයේ මිත්‍යා මත පළකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළහ.



අදහස් (0)

‘සිරි දළදා වන්දනාව’ 18 වැනිදා ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 750 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site