(කේ බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේම සිසුන් හත් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (07) දින නියෝග කළාය
ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදුකර හෝමාගම මූලස්ථාන පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී
එම විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ මාතර වැලිගම ප්‍රදේශයේ ශිෂ්‍යයෙකුට හෝමාගම පිටිපන ප්‍රදේශයේ නවතැන්පොලක් තුළදී සැකකාර සිසුන් විසින් ඉකුත්දා පහරදීම සිදුකර තිබුණ අතර අදාල සිසුවා විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහිවීම, සවස හයෙන් පසු විශ්ව විද්‍යාලය තුල සැරිසැරීම සහ අන්වර්ථ නමක් භාවිතා නොකිරීම හේතුවෙන් මෙලෙස පහරදීම සිදුව ඇති බවට අදාළ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය පවසයි
පහර කෑමට ලක් වූ සිසුවා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබා එම රෝහලින් පිටව ගොස් මාතර වැලිගම ප්‍රාදේශීය රෝහලට සහ මාතර මහ රෝහලට ඇතුළත්ව නේවාසික ප්‍රතිකාර ලබාගෙන තිබුණි.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සරසවි සිසුවාට පහරදුන් සිසුන් 7 දෙනාට ඇප
vernon Wednesday, 07 May 2025 03:38 PM
පහර දුන් නෙවෙයි, චූදිත සිසුන්. මොකද පහර දුන්නා කියලා තාම අධිකරණයේ සනාථ වෙලත් නෑ. ඇපත් දීලා තියෙනවා. එහෙම වෙද්දී පහරදුන් අයට ඇප දුන්නා කියන්නේ විනිසුරුගේ තීරණයට එහා යෑමක්නේ...!
tissa Wednesday, 07 May 2025 03:47 PM
දැන් ඉතින් ආයෙත් මේ අයට සිරිත් පරිදි පරණ පුරුදුවලට අනුගත වෙන්නට පුළුවන්...!
කුකුල් චමින්ද Wednesday, 07 May 2025 04:51 PM
බත් කටක් කවපු මාත් චුදිත වෙච්චි එකේ, මේ ටික චූදිත වුනේ පහරකාපු කෙනාට පාඩම් කියාදෙන්න ගිහිල්ලාද?
පිටරටවැසියා Wednesday, 07 May 2025 04:53 PM
ඔන්න පටන් ගන්නවා නම් හොඳම ව්‍යාපාරය තමයි, මුඛවාඩම් හැදිල්ල. කෝවිඩ් නැති මේ කාලේත් හොඳට විකිණෙනවා...