IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සරසවියක් කියල දැනෙන්න නම් ගහ ගන්නම ඕන:සිල් ගත්තාට පත්තරවල යන්නේ නෑ

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

“විශ්ව විද්‍යාලයක් සැබැවින්ම එය විශ්ව විද්‍යාලයක් බවට දැනගන්නට නම් අද බස් දෙකක් වත් ගිනි තියලා තියෙන්න ඕනෑ. දහයක්වත් හිරේ ඉන්න ඕනෑ. දහ දෙනෙක් විතර ගුටි කාල තියෙන්න ඕනෑ. අට දෙනෙක් විතර එකවර ඔළු පලාගෙන ඉන්න ඕනෑ. ඕවනෙ පත්තර වල යන්නෙ එහෙම නැතිව සීල ව්‍යාපාරයක් කළාට මේ වගේ රුක් රෝපණ ව්‍යාපෘතියක් කළාට පත්තරවල ඕව යන්නෙ නැහැ. මොකද මේවට ඒ තරම් ඇදිල යන ගතියක් නැහැ. ”‍ යැයි වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය උදිත් කේ. ජයසිංහ මහතා ගනේවත්ත කැකුලාවල දී පැවසීය.

අද වනවිට ලංකාවේ විශ්ව විද්‍යාලවල පවතින එම තත්වය සම්බන්ධයෙන් උප කුලපතිවරයා අදහස් පළ කළේ වයඹ විශ්ව විද්‍යාලයේ “ ට්‍රී ෆෝර් ලයිෆ්”‍ සංගමය විසින් දැදුරුඔය ජලාශ රක්ෂිත ප්‍රදේශයේ අරම්භ කෙරුණ රුක් රෝපණ වැඩසටහනකට එක්වූ අවස්ථාවෙදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපකුලපති වරයා මෙසේ ද පැවසීය. “වයඹ විශ්ව විද්‍යාලයක් තියෙනව කියල ඔබ සමහරවිට දැනුවත් නැතිව ඇති. ඒ මොකද අද විශ්ව විද්‍යාලයක තිබිය යුතු ඒ  සාධක අපේ විශ්ව විද්‍යාලය ඇතුළෙ නැහැ. ඒ නිසා පැහැදිලිව කියන්න ඕන ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ කිසිම පීඨයක ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවක එහෙම නැත්නම් ආචාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙක් අර කිව්ව දේවල්වලට සම්බන්ධ වෙන්නේ නැහැ. අපේ කිසිම දරුවෙක් හෝ වෙනයම් කෙනෙක් පොලිසියේ නඩු දාගෙන අනවශ්‍ය දේවලට සම්බන්ධ වෙන්න නැහැ. ඉතාමත් සංසුන් විශ්ව විද්‍යාලයක්. ඔබට එහි ආවොත් අහළ බලන්න හිතෙනවා මේ විශ්ව විද්‍යාලයක්ද කියලා. මොකද අනෙක් විශ්ව විද්‍යාලවල ඉදිරිපිට තියෙන කිසිම දෙයක් අපේ විශ්ව විද්‍යාලය ඉදිරිපිට නැහැ. තියෙන්නේ සංසුන් පරිසරයක්.

පසුගිය කාලයේ පහන් කූඩු ප්‍රදර්ශන වැනි දේවල් තිබුණා. ලක්ෂ දෙකකට අධික පිරිසක් ඒව බලන්න විශ්ව විද්‍යාලය ඇතුළට ආව. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අපේ ළමයි තනියම ඇවිත් මේ ගම්වාසීන් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒක තමයි අපි විශ්වවිද්‍යාලය තුළින් ලබාදෙන සංස්කෘතිය.

අපි අද මේ ගස් හදල ගියාම මේ පාසලේ කුඩා දරුවන් තමයි ඉදිරියට ඒක බලාගන්නෙ. ඒක හරියට කෙරෙන්නේ නැතිනම් තමන්ගෙ විදුහල්පතිතුමියට කියලා තව ප්‍රශ්න තියෙනව නම් අපට කියල මේක අවුරුදු තුන හතරක් බලාගන්න එක ඔබට බාරයි.

මෙම අවස්ථාවට වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණඩලය දැදුරුඔය ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා, ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් නිලූකා ජයවර්ධන මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම නින්දගම විද්‍යාලයේ විදුහල්පතිනිය ආචාර්ය මණ්ඩලය ඇතුළු දූ දරුවන් සහ ප්‍රදේශවාසීහු එක්ව සිටියහ.

 



අදහස් (5)

සරසවියක් කියල දැනෙන්න නම් ගහ ගන්නම ඕන:සිල් ගත්තාට පත්තරවල යන්නේ නෑ

ලුම්බිණි Friday, 30 June 2023 05:07 AM

උපකුලපති තුමාට තේරුම් මදි වගෙයි...

:       3       4

Karunasiri Friday, 30 June 2023 07:27 AM

නියමයි... සියලු දෙනා ගැන ආඩම්බරයි.

:       0       5

Bunny Preena Friday, 30 June 2023 09:33 AM

වැදඩගත් සහ ශීලාචාර දෙමවුපියන්ගෙන් පැවත එන දරුවන්ගෙන් පිරුනු වයඹ විශ්ව විද්‍යලයෙ දරුවන්ට කවුරුත් ගරු කරනව.

:       5       9

Nimesh Friday, 30 June 2023 09:57 AM

සවුබාගේ දැක්ම ලියපු සාටක බයියෙක් නේද ? ඒ වගේම උපකුලපති කෙනෙක් වෙන්න නම් තක්කඩි දේශ පලුවොන්ට කඩේ යන්න ඕනේ , කාබනික පොහොර කියල අසුචි නැවු ගෙන්වන්න ඕනේ , ඉන්දියාවෙන් වැඩි මිලට නැනෝ යුරිය ගෙනවන්න් ඕනේ .....නේද ?

:       7       15

Jagath Friday, 30 June 2023 06:46 PM

මේ උපකුලපතිතුමා නම් තනිකරම විහිළුවක්. කොලඹ, ජපුර, පෙරා කැම්පස් ප්‍රසිද්ධ වුනේ බස් ගිනි තියලද? ඒවායින් කරන පර්යේෂණ, හම්බවෙන සම්මාන, අචාර්යවරුන් ගැන ඕනෑතරම් පත්තරවල යනවා. වයඹෙන් වෙන්නේ මොනවද? මිනිස්සු වයඹ දන්නවද අඩු ගානේ? කරුණාකරලා කයිවාරුවයි, අනුන් කරපුවා තමන්ගේ නමටයි දාගන්න එකයි නවත්තලා, ගන්න පඩියට සාධාරණයක් කරන්න. තමුන්ට පඩි ගෙවන්නේ රටේ අහිංසක මිනිස්සු.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 594 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site