(ඉන්දිකා රාමනායක)
මරණය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැඳවිය සිව් දෙනකු දහම් පාසල් අවසාන විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වී ඇති බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.
2019 වසරේ පැවැත්වීමට නියමිතව තිබු මෙම විභාගය 2021 පැවැත් වු අතර විභාග දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් වැලිකඩ බන්ධානාගාරයේ සුචරිතෝදය දහම්පාසලේ නේවාසිකයන් 07 දෙනකු ඉදිරිපත්ව සිටි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
පුනරුථාපන ක්‍රියාවලියේ එක් කොටසක් වශයෙන් බන්ධනාගාරගත නේවාසිකයන් වෙනුවෙන් , ඔවුන්ට මහහැරුණ අධ්‍යාපනය නැවත ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවත්, මෙහිදී දහම්පාසල් අධ්‍යාපනය සුවිශේෂි බවද ඒ මහතා කියා සිටියේය.
වැරදිකරුවන් වු මෙම පුද්ගලයන් සහපත් විනයගරුක ,ධර්මානුකූල , සමාජ හිතකර පුද්ගලයන් බවට පත්කර සමාජහිතකර පුද්ගලයකු බවට පත්කර නේවාසිකයන්ගේ විවිධ නිපුණතා හා කුසලතා අනුව උසස් අධ්‍යාපන ( උපාධිය දක්වා) හැදෑරීමට අවස්ථාව ලබා දී ඔවුන් පිරිපුන් පුද්ගලයන් ලෙස සමාජගත කිරීම මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සිරකරුවෝ හතරක් දහම්පාසල් විභාගයෙන් කප් ගහති
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 31 March 2022 07:42 AM
නිවෙස් වල සිටින තරුණයන්ට ප්‍රශ්න පිට ප්‍රශ්න .. රටේ කොයි ආණ්ඩුව ආවත් ඔවුන්ගේ ගැටළු වලට කිසිදු විසඳුමක් නැහැ.ඔවුන්ගේ දක්ෂතා,හැකියාවන් වලින් ඉදිරියට ඒමට අවස්ථාවක් නැහැ.සමාජයෙන් ඔවුන්ට නිසි පිළිසරණක් නොමැති වූ විට ඔවුන් වැරදි මාර්ග වලට යොමුවෙනවා.මෙය තමයි තිත්ත ඇත්ත.මේවා වටහාගන්න පුළුවන් දේශපාලනඥයන් මේ රටේ විරලයි.හොරුන් මැරයන් අනුවණයන් වැඩිපුර සිටිනා පාර්ලිමේන්තුවකින් රටේ මෙවන් තරුණයන්ට කුමන ආකාරයේ සේවයක් ලැබෙවිද කියා හිතන්නටවත් බැහැ. හිරගෙදරදී හෝ එය ලැබීම සතුටක්.