IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


සමෘද්ධි බැංකු විගණනයට යටත් කරන්න නියෝගයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න  )

සමෘද්ධි  බැංකු  කාලයක් තිස්සේ  විගණකාධිපතිවරයාගේ විගණනයට යටත්වී නොපවතින හෙයින්  වහාම එම බැංකුද විගණනයට යටත් කිරීමට  පියවර ගන්නා ලෙස    රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව ) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සමෘද්ධි බැංකු සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ ඇති බැවින්  ඒවා   විගණනයට යටත් කිරීම  සුදුසු බව විගණකාධීපතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මත දෙකක් පවතින හෙයින් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි සමෘද්ධි  සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  සමෘද්ධිලාභීන්ට මාලු දැල් ලබාදීමේදී  විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇතැයි තොරතුරු අනාවරණයවූ  බව කෝපා කමිටුව පවසයි.

මීට සම්බන්ධ ප්‍රාදේශීය ලේකම්වරයා සහ සමෘද්ධි නිලධාරීන් ඇතුළු නිලධාරීන්ට දඩුවම් හිමිවියයුතු බැවින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කිරීමට එම අමාත්‍යාංශ  ලේකම්වරයාට ලිපියකින්  දන්වන බව කෝපා සභාපතිවරයා පැවසීය.

ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සමෘද්ධිය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගිය 26 වැනිදා  කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

දෙපාර්තමේන්තුවට  2023 අප්‍රේල් 30 වනවිට 22646 ක් වූ සමස්ත සේවක සංඛ්‍යාවෙන් 17512 දෙනකු අන්තර්ග්‍රහණය කර ඇතත් ඉතිරි පිරිස අන්තර්ග්‍රණය කිරීම ප්‍රමාද වීම සහ නිලධාරීන් 3027කට විධිමත් පත්වීම් ලිපි ලබාදී නොතිබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ. 2015 වසරේ කැබිනට් තීරණයක් අනුව මෙම නිලධාරීන්ගේ පත්වීම් හා විනය බලධරයා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ලෙස සැලකීම නිසා මෙම අනුමත කිරිම්  කළ යුත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවද නැතහොත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවද යන්න ගැටලු සහගතවූ බව නිලධාරීහු පැවසුහ.

මේ අනුව මෙම නිලධාරීන්ගේ බදවා ගැනීම හා උසස්වීමේ පටිපාටි  රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමතියට යොමුකිරීමට පියවර ගෙන ඇති බවද  එම නිලධාරීහු සඳහන් කළහ.

එසේම දේශපාලනික කරුණු හේතුවෙන් දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ යම් අපහැදිළිතා නිර්මාණයවී ඇති බැවින් කඩිනමින් එම ගැටලු විසදා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.

සමෘද්ධි බැංකු පද්ධිතිය පරිගණකගත කිරීමේ වැඩපිළිවෙල පිළිබදවද අවධානය යොමුවිය. මෙහිදී සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම ක්‍රියාවලිය දැනටමත් දිස්ත්‍රික්ක පහක ආරම්භ කර ඇති බවයි. මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට බැංකු ජාලගත කිරීම අවසන් කරන බවද   ඔහු සඳහන් කළේය.

සමෘද්ධි  සංවර්ධන  දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලබන වසරේ ජනවාරි මාසයේදී කෝපා කමිටුව හමුවට නැවතත් කැඳවීමට මෙහිදී තීරණය කෙරිණ

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  මනෝ ගනේශන්, ඩී.වීරසිංහ,  ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහුද  සභාපතිවරයාගේ අවසරය මත  රාජ්‍ය අමාත්‍ය  අනුප පැස්කුවල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි යන මහත්වරුද  සහභාගිවූහ



අදහස් (2)

සමෘද්ධි බැංකු විගණනයට යටත් කරන්න නියෝගයක්

සමුර්ධිකා Wednesday, 31 May 2023 05:11 PM

පත්වීම් කවුරු දුන්නත් වැටුප් හා දීමනා ගෙවන්නේ ඒකාබද්ධ අරමුදලේ මුදල්වලින් නම් (ජනතා මුදල්) අනිවාර්යයෙන් විගණකාධිපති විසින් විගණනය කරන්නම ඕනෑ.

:       0       4

Willow Drive Thursday, 01 June 2023 07:29 AM

අළුබෝමුල්ල ශාඛාව ඉන් එකක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි
2025 මැයි මස 09 246 0

මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි
2025 මැයි මස 09 113 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප


මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා
2025 මැයි මස 09 351 0

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්


දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි
2025 මැයි මස 09 176 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1


කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 982 1

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ
2025 මැයි මස 09 448 1

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 4 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1286 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site