ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ අවසන් කටයුතු පක්ෂය මැදිහත් වීමෙන් උපරිම ගෞරව සහිතව සිදු කරන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී ලාල්කාන්ත මහතා අද (15) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
පසුගිය වසරේදී මතවාදී ගැටුමක් නිසා පක්ෂයෙන් ඉවත් වුවද ඔහු හිටපු නායක රෝහණ විජේවීර සහෝදරයාගේ මරණයෙන් පසු පක්ෂය නැවත නඟා සිටුවීමේ සිට පක්ෂය ජනතාව අතරට ගෙන යෑමට සුවිශේෂී කාර්යයක් කළ බව ද ලාල්කාන්ත මහතා පැවසීය.
‘ඔහු මේ රටේ අනෙක් දේශපාලකයන් වගේ වුණේ නැහැ. සෑමවිටම ජනතාව වෙනුවෙන් අරගල කළා. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. සෝමවංශ අමරසිංහ මහතා 1965 දී පක්ෂය ආරම්භ කළ අවස්ථාවේදීත්, 1971 කැරැල්ලෙන් පසු 1989 කැරැල්ලෙන් හා එවකට නායක රෝහණ විජේවීර සහෝදරයාගේ ඝාතනයෙන් පසු ඔහු පක්ෂය වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් කළා‘ යැයිද ලාල්කාන්තා මහතා කීය.
පක්ෂය ලෙස අමරසිංහ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා කළ හැකි සෑම කටයුත්තක්ම සිදු කරන බවද අවසන් කටයුතු පක්ෂය මැදිහත් වීමෙන් සිදු කිරීමටත් හැකි උපරිම ගෞරව දැක්වීමටත් තීරණය කර ඇති බවද ඔහු කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සෝමවංශ අමරසිංහට ජවිපෙන් උපරිම ගෞරව
සුසී Wednesday, 15 June 2016 03:40 PM
සෝමවංශ සහෝදරයට උපරිම ගෞරවය දැක්වීම ජවිපෙ යුතුකමක් (නි)
ගුණේ Wednesday, 15 June 2016 06:44 PM
ඔව් ඒ මරණයේ කටයුතු උපරිම ගෞරවයෙන් කළයුතුයි. (නි)
සත්‍යයා Wednesday, 15 June 2016 09:37 PM
මරණයකදී මිනිසුන්ගේ වැරදි සෙවීම නුගුණයක් විය හැකි දෙයක් වුවද මොහුගේ අතීතය පිළිබඳව නම් අපට ඇත්තේ දැඩි කළකිරීමක්. (නි)
වසන්ජය Wednesday, 15 June 2016 09:40 PM
ඔය කියන මතවාදී ගැටුම මොකක්ද කියලා කිව්වා නම් අපි තීරණය කරන්නම් කවුද හරි කියා (නි)
ගාමිණි Wednesday, 15 June 2016 10:36 PM
අද ඉන්න දේශපාලකයෝ හා සසඳනවිට ඔහු ඒ සැමට වඩා ඉදිරියෙන් ජනතාවව අතර සිටි කෙනෙක්. ඔහු පක්ෂ නායකත්වය නිසි වෙලාවට තරුණ නායකයෙකුට දුන්නා. සරල චාම් ජීවිතයක් ගත කළා. මෙවන් ආදර්ශවත් නායකයන් අප අගය කළයුතුයි. ඔහුට මම නිවන් සුව පතමි! (නි)
කේෂලා Wednesday, 15 June 2016 09:49 AM
ඉතින් එ්ක එහෙම වෙන්න ඕනෑ දෙයක්නේ. සෝමවංශ මහතා හිටපු නායකතුමානේ. (නි)
ටෙෂාන් Wednesday, 15 June 2016 10:06 AM
මෙම තීරණය ඉහළින්ම අගය කරනවා (නි)
වෙරංග Wednesday, 15 June 2016 10:19 AM
ඉතාමත් වටිනා අදහසක් (නි)
හුසේන් මොහමඩ් Wednesday, 15 June 2016 10:19 AM
ඔන්න මිනිස්සු. අපේ ගෞරවය! (නි)
හේවාවිතාරණ Wednesday, 15 June 2016 10:28 AM
සෝමවංශ අමරසිංහ මහතාණන්ට නිවන් සැප ලැබේවා! (නි)
නන්ද Wednesday, 15 June 2016 10:51 AM
ජ.වී.පෙ. ගත් තීරණය ඉතාම නිවැරදි එකක්. එය අගය කළ යුතුයි.(ම)
අමරසේකර Thursday, 16 June 2016 12:58 PM
ඔහු ඇත්තෙන්ම විශිෂ්ට නායකයෙක් (නි)
නුවන් Wednesday, 15 June 2016 11:59 AM
විජේවීර සහොදරය ඝාතනය කළාද ඒ කවුද කළේ? දැන්වත් පරීක්ෂණයක් කර සොයා වරදකරුවන්ට දඩුවම් දෙන්න (බ)
කපිල Wednesday, 15 June 2016 12:14 PM
සෑමවිටම ජනතාව වෙනුවෙන් පෙනීසිටි නායකයෙක්. ඔහුට උපරිම ගෞරවය හිමිවේවි. නායකයාණනි, ඔබට නිවන් සුව (නි)
වසන්ත Wednesday, 15 June 2016 12:16 PM
අපේ උත්තමාචාරය (අ)
ජයසිංහ Wednesday, 15 June 2016 02:34 PM
එ්ක කළයුතු දෙයක්. මම එ්ක අගය කරනවා. ස්තුතියි ලාල්.
බණ්ඩාර Wednesday, 15 June 2016 02:56 PM
හොඳ දේශපාලඥයෙක් (නි)