(රංජන් කස්තුරි)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4823 දෙනකු වශයෙන් සිසුන් 25157 දෙනකු ඉල්ලුම් කර තිබූ බවද අමිත් ජයසුන්දර මහතා කීය.
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් නැවත සමීක්ෂණයේදී පරීක්ෂකවරුන් දෙදනකුගේ පරීක්ෂාවට ලක්කළ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සමත් නැති ගොඩට දැමූ පහේ 146 ඉහළින්ම පාස්
ලක්ශ්‍රීනි Tuesday, 30 May 2023 07:25 PM
බොහොම සතුටුයි මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගය ලියපු අවස්ථාවේ නැවත සමීක්ෂණ ඉල්ලුම් පත්‍රය විදුහල්පති දේශපාලන හේතු මත යවා තිබුනෙ නැහැ කියලා දැනගත්තෙ නියමිත කාලය ඉකුත්ව ගියාට පස්සෙ තමයි උසස් පෙළ විභාගය වෙනුවෙන් නැවත සමීක්ෂණ ඉල්ලීම ඉදිරිපත් කලාම නියෝජ්‍ය විදුහල්පති කිව්වෙ ඕව යවල වැඩක් නැහැ පරීක්ෂා කරන අයට දඩුවම් කරන්න බැරිනිසා ප්‍රතිඵලය වෙනස්කරන්නෙ නැහැ කියලා ඒක සත්‍ය බව නැවත සමීක්ෂණ ප්‍රතිඵලය අනුව සත්‍ය වුනා සත්‍ය වශයෙන්ම දක්ෂතා ඇති දරුවො තෝරා ගැනීම ගැන ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි කියන්න පුළුවන්
ගමේ එකාලා Tuesday, 30 May 2023 08:58 PM
මොන සිහියෙන් ප්‍රශ්න පත්‍ර පරික්ෂා කළා ද කියලා දෙයියෝ තමා දන්නේ?
G. K. Ekanayake Tuesday, 30 May 2023 11:28 PM
සමස්ත උත්තර පත්‍ර බැලීමේදී 0.58% ක් වැරදියට බලල තියෙන්නේ. මේක ඇත්තෙන් ම වරදක්. නැවත පරීක්ෂණය අයදුම් නොකළ තව කොච්චර ඇතිද? ඒ අයට වන අසාධාරණය? මේ ලියන මගේ A/L ප්‍රතිඵල 'C' එක 'B' වුනා. එකෙන් මට ඉන්ජිනේරු පීඨයට යන්න ලැබුනා. වැරදියට බලන අයට දඬුවම් දියයුතුය.
chandima Wednesday, 31 May 2023 04:38 AM
ඔය විදියට නැවත සමීක්ෂණයට ඉල්ලපු නැති කී දෙනෙක් පාස් වෙලා ඇතිද ?පවු අහිංසක ළමයි
Taniya Wednesday, 31 May 2023 07:03 AM
එතකොට මේ දරුවන්ගේ උත්තර පත්‍ර පළමුවරට බලපු අයට මොකුත් දඬුවමක් නැත්ද?
Rasika Wednesday, 31 May 2023 07:17 AM
ප්‍රතිඵල ආවට පස්සෙ ඒ ළමයින් අසමත් වීම නිසා ලැබුන මානසික පීඩනය අපහාස ආදියට විභාග දෙපාර්තමේන්තුව වන්දි ගෙවනවද? එහෙම නැත්තන් සමාව ගන්නවද?
මුදිත් Wednesday, 31 May 2023 09:02 AM
දැන් එතකොට වැරදියට උත්තරපත්‍ර බලපු පරීක්ෂක වරුන්ට මොකද කරන්නේ ? උසස්වීමක් දෙනවද ?
ස්ටැන්ලි Wednesday, 31 May 2023 10:52 AM
අනිවාර්යයෙන් උසස් වීමක් දෙනවා නැත්නම් ඉතින් ඊළඟ වතාවේ නොබලම හිටියොත් මොනවා කරන්නද
Lal Wednesday, 31 May 2023 09:25 AM
මුං ගංජා ද පේපර්ස් බලල තියෙන්නෙ
Sathya Wednesday, 31 May 2023 09:38 AM
මොකුත් කියන්න හොඳ නෑ. මේව දැක්කත් නොදැක්ක වගේ ඉන්න, වැටුප් දීමනා මතතෙම නහින ගුරු සංගම්වල හිත රිදෙයි..
Perera Wednesday, 31 May 2023 09:53 AM
ලන්තේ ලොන්ත වුන රටේ ඔක්කොම වැඩ කිසි කමකට නැහැ .දුක ළමයින්ට අනාගතයක් ලංකාවේ නැති එක ගැන
Confused Wednesday, 31 May 2023 12:33 PM
ප්‍රශ්න පත්‍ර බලන ගුරුවරයෙක් හැටියට මටනම් මෙතන ලොකු වරදක් වෙලා කියලා පේන්නෙ නෑ. Human error කියන එක අපට බින්දුව කරන්ට බෑ. ඒ නිසා තමා නැවත පරීක්ශනය කිරීමට අවස්තාවක් ලබා දීලා තියෙන්නෙ. නැවත සමීක්ශනය කරපු 25,000 කින් විතර (එ කියන්නෙ තමන්ගෙ ප්‍රතිපලය වෙනස් වෙන්ට ඔන කියලා හිතපු 25,000 කින් ) 146 ක් කියන්නෙ 0.58%ක්. 1% ටත් අඩුයි. 25,000 ක් විතර ගත්තම, පාස් වෙන්ට එක ලකුනක් මදි අය එතන 100ක් 200ක් ටත් වැඩිය ඉන්ට පුලුවන්. මට හිතෙන්නෙ නැවත සමීක්ශනය කරපු අයගෙත් හිත උනු වෙන්ට ඇති. ප්‍රශ්නයකට හරි/වැරදි උත්තර අතර තරමක් හරි/වැරදි උත්තර තියෙන්ට බැරිද?? මට කියන්ට ඔන උනේ මේකයි. ගුරුවරයා කොම්පුටරයක් වගේ සලකලා මස් රාත්තලම ගන්ට ගිහින් නැවත සමීක්ශන නිදහව නැති කරගත් යුතුත් නෑ.
Wasantha Gallage Wednesday, 31 May 2023 01:05 PM
මේවගේ වැරදිවලට ගුරුවරුන්ට කිසිම විදියක සමාවක් දෙන්න එපා. විශේෂයෙන් දෙවනවර පරික්ෂා කරපු නැවත සමීක්ෂණය තහනම් කරන්න
Bunny Preena Wednesday, 31 May 2023 01:08 PM
මට නම් අන්ජ බජල් වගෙයි