IMG-LOGO

සබරගමුවේ විශ්‍රාම ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යළි සේවයට


(නයෝමි දිල්රුක්ෂි)
 
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස දැනට විශ්‍රාම ගොස් සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් යලිත් සේවයට කැඳවීමට සබරගමුව පළාත් බලධාරීන් තීරණය කර තිබේ.
 
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවති කොවිඩ් විශේෂ කමිටු රැස්වීමේදී ඔවුන් මේ පිළිබඳව අවධානය යොමු කර ඇත.
 
කෑගල්ල දිස්ත්‍රික්කය තුල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 60දෙනකු සේවය කරන අතර ඵක් නිලධාරියෙකුට ගම් දහයක්, පුද්ගලයන් දස දහසක පමණ රාජකාරීකිරිමට සිදුවඇති නිසා මහත් අපහසුතාවයට ලක්ව ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය.
 
දිස්ත්‍රික්කය පුරා සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණවලට අනුව කොවිඩ්-19 වයිරසය ආසාදිත පුද්ගලයන් 1136දෙනකු හඳුනාගෙන ඇති බවත් පුද්ගලයන් 25572ක් ස්වයං-නිරෝධායනයට යොමු කර ඇති බවත් ඒ මහතා කීය.
 
කෑගල්ල අරණායක ප්‍රදේශයෙන් 02වැනිදා වාර්තා වු කොවිඩ්-19 මරණයත් සමග කෑගල්ල දිස්ත්‍රික්කය තුල කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පුද්ගල මරණ 05ක් සිදුව ඇති බවද ඒ මහතා කීය.
 
සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසා සිටියේ කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික් දෙකේ කොරෝනා වයිරසය ව්‍යප්තිය අවම කරගැනීම සදහා සීතාවක කර්මාන්තපුරය පිළිබදව කඩිනම් තීරණයක් ගන්නා බවය.
 
මෙම රැස්වීම සදහා රාජ්‍යය අමාත්‍ය කනක හේරත්, තාරක බාලසුරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, උදය කාන්තගුණතිලක, සුදත් මංජුල යන මහත්ම මහත්මීහු පිරිසක් ඵක්වසිටියහ.
 



අදහස් (0)

සබරගමුවේ විශ්‍රාම ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යළි සේවයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site