IMG-LOGO

සබන් කුඩු ඕට්ස් කමුද?

2016-07-30-ent-02ගැහැනියක් නැති කුස්සියක් වෙලාවකට පිස්සන් කොටුවක් වගේ කියලා සමහරැ කියනවනෙ. මේ කතාවත් ඒ බව සනාථ කරන එකක්. ගොඩාක් අකරතැබ්බිවලට මුහුණදෙන අපේ කලා ශිල්පියෙක් ඉන්නවනෙ. ළඟදි ඔහුට හා ඔහුගේ බිරියට දඹදිව වන්දනාවක් යන්න අවස්ථාව සැලසුණා. ඒත් ඔහුගේ කාර්යබහුල ෂූටිං වැඩ නිසා වන්දනාවෙ ගියේ ඔහුගේ බිරිය විතරයි. ළමයි විවාහවෙලා වෙනම ජීවත්වන නිසා ගෙදර ඉන්න වුණේ අපේ කලා ශිල්පියාට විතරයි. ෂූටිං නිසා රෑබෝවෙලා ගෙදර ඇවිත් පහුවදා උදෙන්ම යනවා. ඔන්න ටිකක් ප්‍රමාදවෙලා යන දවසක ඔහු කුස්සියට ගිහිං උදේට කන්න දෙයක් හදන්න බැලුවලු.

පහසුම දේ ඕට්ස් නිසා ඔහු ඒක හෙව්වා කුස්සියෙ හැමතැනම. අන්තිමේදී භාජනයක තිබිලා හම්බවුණා. ඔහු හැඳි කීපයක් පිඟානකට දාලා කිරි ටිකකුත් එකතු කරගත්තා. මෙන්න බොලේ එකපාරටම පෙණ එන්න පටන් අරං. බැලිනං මෙයා ඕට්ස් කියලා අරං තියෙන්නෙ සබන් කුඩු.

 

DESHAYA



අදහස් (0)

සබන් කුඩු ඕට්ස් කමුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site