සුභාවිත ගීතය අභාවිත කිරීම නිසා එය පිරිහෙමින් පවතින බව මීට වසර හත අටකට පෙර පටන් අපට නිතර නැගෙන චෝදනාවකි. හැත්තෑව දශකයේ ගී ගයා වත්මන ප්‍රවීණත්වයට පත්ව සිටින ගායන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ දෙනෙක් මේ චෝදනාව නගති. එහෙත් එෆ් එම් නාලිකාවලට චෝදනා නගනා මේ ශිල්පීහු, සුභාවිත ගීතය රැකගන්න කිසිවක් කරන්නේද යන්නත් සැක සහිතය.
මෙබඳු පසුබිමක අපි විශාරද සුනිල් එදිරිසිංහ සඳැල්ල පිටු අතරට කැඳවූයෙමු.
සුභාවිත ගීතය රැකගන්න ඔබ කරන්නේ මොනවද?
සඳකඩ පහණ මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය රට පුරා ලොව පුරා අරගෙන යනවා.
සඳකඩ පහණ නවතම ප්‍රසංගය පවත්වන්නේ කවද්ද?
කොහේද? මෙම 14 වෙනිදා සවස 7 ට මහරගම යූත් ශ්‍රවණාගාරයේදී, දැඩිගමුව වැලිපිල්ලෑව ශ්‍රී යසවර්ධනාරාම විහාරස්ථ දහම් පාසල් ගොඩනැගිලි අරමුදලට ආධාර පිණිස මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ.
මේ වනවිට සඳකඩ පහණ ප්‍රසංග කීයක් පවත්වල තියෙනවද?
අනේ මල්ලි, මට ඒකනම් මතක නෑ.
හොඳයි. සුනිල් අයියා... මේ තරම් දුරකට සඳකඩ පහණ රැුගෙන යන්නට ඔබ සමත් වුණේ කොහොමද කියලා මට කියන්න.
ඒකෙ කිසිම රහසක් නැහැ. අද තියෙන එෆ් එම් නාලිකා බහුතරයක් තොරතෝංචියක් නැතුව කබල් සිංදු ප්‍රචාරය කරනවා... ඒත් සුභාවිත ගීතයට ප්‍රිය කරන රසික පිරිස, අදටත් සුභාවිත ගී සොයාගෙන යනවා. ඔවුන් සුභාවිත ගී ප්රසංගහොය හොයා යනවා.... ඒ නිසා තමයි සඳකඩ පහණ මේ තරම් කාලයක් තිස්සෙ පවතින්නේ.
කොහොමටත් සඳකඩ පහණ කියන්නේ අවුරුදු සිය ගණනක් පැරැුණි දෙයක්. තවමත් මේ සඳකඩ පහන්වල කැටයම් ඉතුරුවෙලා තියෙනවා. ඔබ ඔබේ ප්‍රසංගය සඳකඩ පහණ ලෙස නම් කළේ ඒ අර්ථයෙන්මද?
සඳකඩ පහනක කැටයම් ඔපලා...
පාවෙන දේදුනු ලැඟුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී....
ඔය සිංදුව තමයි මගේ පළවෙනි සිංදුව. මාතර ආච්චි චිත්‍රපටියට වොලී නානායක්කාර ලිව්වෙ.
මේ සිංදුව මගේ සංගීත ජීවිතයේ පළමුවෙනි පියවර. හරියට සඳකඩ පහණක් වගේ. ඒ හැරුණම අදටත් මේ ගීතය ජනප්‍රියයි. ඉතින් මගේ ප්‍රසංගයක් නම් කරන්න ඊට වඩා හොඳ නමක් කොයින්ද?
සුනිල් අයියා සඳකඩ පහණට ගයන ගී වලින් වැඩිම ගණනක් රචනා කරලා තියෙන්නේ කවුද?
කරුණාදාස සපුතන්ත්‍රී...
කොහොමද ඔබට සපු මුණගැහෙන්නේ?
සඳකඩ පහණ ගීතය ගායනා කළාට පස්සේ මගේ අයියා සතිස්චන්ද්‍ර කිව්වා මං සංගීතය ඉගෙන නොගත්තොත්, ආයෙ ගී ගායනා කරන්න අවස්ථාවක් දෙන්නේ නෑ කියලා. ඊට පස්සේ මම සංගීතය ඉගෙන ගන්න විශාරද පී.වී. නන්දසිරි ළඟට ගියා.
මගේ මේ ගුරුතුමා පස්සේ කාලෙක සුදර්ශියෙ සංගීත පංතියක් පටන් ගත්තා. පොඩි ළමයින්ගේ පන්තිය මට බාර දුන්නා.
ඔන්න ඔය කාලෙ සුදර්ශියට නිතර ආ ගිය කෙනෙක් තමයි සපුතන්ත්‍රි, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද ගමගේ, සපූ, මම අපි හතරදෙනා හැම ඉරිදම මුණ ගැහෙන, මිත්‍රයෝ බවට පත්වුණේ ඊට පස්සේ.
මොකක්ද සපු ඔබට ලියපු මුල්ම ගීතය?
චන්ද්‍ර මඩල බැද්ද වටින් මෝදු වෙලා...
කළු නැන්දගෙ දුව යන්න ගියා බැල්ම හෙලා.....
බැල්ම හෙලා.....
ඔය ගීතය ඔබ මුලින්ම ගායනා කළේ ගුවන් විදුලි සරල ගී වැඩ සටහනකට. මම විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් වීමත් එක්ක මට සරල ගී වැඩසටහන් නිතර ලැබුණා. ඒ හැම වැඩ සටහනකටම වගේ සපුත් සිංදු ලිව්වා.
මේ ළඟදී සපුගේ ගීත ඇගයුම් ප්‍රසංගයක් තියෙනව නේද?
අගෝස්තු 20 වෙනිදා කොළඹ ආනන්ද කුලරත්න ශාලාවෙදි. තීර්ථය කියන මේ ප්‍රසංගය පැවැත්වෙනවා. මම වගේම එඞ්වඞ් ජයකොඩිත් මේ ප්‍රසංගයට සපුගෙ ගීත ගායනා කරනවා.
ඉස්සර නම් ගායකයෝ නිතර නිතරම අලූත් ගීත ගායනා කළා. ඒත් දැන් ප්‍රවීණයෝ අලූත් ගීත නිර්මාණය කිරීම නතර කරලා. ඔබත් එහෙම නේද සුනිල් අයියා
යම් යම් අයගෙ අවශ්‍යතා වෙනුවෙන් මමත් අලූත් ගීත ගායනා කරනවා.
ඒ කියන්නෙ පද රචකයන්ගෙ ඉල්ලීම් උඩ.
ඔව්.
ඇයි ඉතිං ගායකයෝ අලූතින් නිර්මාණය කරන්න උනන්දු නොවෙන්නේ.
අපි අලූත් සිංදු කරලා දුන්නම චැනල් වලින් ප්‍රතික්ෂේප වෙනවා... ඉතින් අපි මොකටද අලූත් සිංදු කරන්න මහන්සි වෙන්නෙ... අපි උකටලී වෙලා. අලූත් සිංදු ළඟ තියාගෙන ඉන්න සිද්ධ වෙලා.
ගී පද රචකයෙක් දෙන ඕනෑම සිංදුවක් ඔබ ගායනා කරනවද?
පද මාලාව හොඳ වෙන්න ඕනෙ... අර්ථවත් පද මාලා විතරයි මං ගායනා කරන්නේ...
එහෙම මෑතක ගායනා කරපු හොඳ ගීතයක් මතක් කරමුද?
රන්වැලි සෑය විය දිවි අඹරට නැගුන සුදොවුන් පියා විය සක්විති මඟ සොයන.
සමනල පව්ව විය දුකසැප සම දරන.
පිය මහ රජුනි, අප ගෙපැලේ රජ කරන.
මේක කිරම සුමංගල හාමුදුරුවො ලියපු පියගුණ ගීතයක්.
මේ ගීතයත් එක්ක අලූත් සංගීත අධ්‍යක්ෂිකාවකුත් බිහිවෙනවා. මනෝරි උග්ගල්ගේ කියලා. ඇයත් බොහොම දක්ෂ කෙනෙක්.
මේ සිංදුව වෙනුවෙන් ඔබත් සිංදු ඔප්පුවක් ලියා ගත්තද?
ලියා ගන්න තමයි සිද්ධවෙලා තියෙන්නෙ. අද රට යන විදිහට එහෙම නොකර බැහැ තමා. අපි ගයපු සිංදුවක්. ජනප්‍රිය වෙනකොට ඒ සිංදුවලට යම් යම් අය අයිතිවාසිකම් කියලා ගායකයන්ව අපහසුතාවට පත් කරනවා....
ඒ කියන්නේ?
අපි ඒ ගැන කතා නොකර ඉම්මු.
ශාන්ත කුමාර විතාන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
'සඳකඩ පහණ'ට රසිකයෝ ආදරෙයි