IMG-LOGO

සිනමාවට දායක වෙන්න කැමති දිළිණි

2016-07-27-ent-80

2016-07-27-ent-83මතකයේ රැඳෙන ටෙලිනාට්‍යය චරිත කිහිපයක් හරහා බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් දිළිණි ලක්මාලි නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. මේ දිනවලද ටෙලිනාට්‍යය කිහිපයක් සඳහා සිය දායකත්වය සපයා ඇති දිළිණි, තරමක් කාර්යබහුල වී සිටියි. ඒ පිළිබඳව "සාරවිට" අපිට ඇය පැවසුවේ මෙවැන්නකි.

"මේ දවස්වල ටෙලිනාට්‍යය තුනක රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවා. මේ දවස්වල 'පහන් කළුවර' කියලා අලුත් ටෙලියක වැඩ කරනවා. දැනට මේ ටෙලිනාට්‍ය "පහන් කළුවර" කියලා තමයි නම් කරලා තියෙන්නෙ. නමුත්, මෙහි නම බොහෝදුරට ඉදිරියේදී වෙනස් වේවි කියලා හිතනවා.

ඊට අමතරව සුරංගන් විජේනාමගේ අලුත් ටෙලියකත්, ධම්මික තිසේරාගේ අලුත් ටෙලියකත් වැඩ කරනවා. මේ නිර්මාණ හරහා මගේ රසිකයන්ට ඉදිරියේදී මාව දැකගන්න ලැබෙවි.

මේ ටෙලි නාට්‍යය තුනක් එක්ක මම ගොඩක් ටෙලිනාට්‍යයවල රඟපාලා තියෙනවා. නමුත්, ටෙලි නිර්මාණවලට ලැබෙන තරම් ආරාධනා සිනමා නිර්මාණ සඳහා ලැබෙන්නේ නැහැ. සිනමාවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කිහිපයක් ලැබුණා නමුත්. ඒ චරිත මට ගැළපෙන්නේ නැහැ. ඒත්, හොඳ සිනමා චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම සිනමාවට දායක වෙනවා. මොකද, ටෙලි නාට්‍යයවලටත් වඩා මම ගොඩක් කැමති සිනමා නිර්මාණවලට දායක වෙන්න."

 

2016-07-27-ent-82
2016-07-27-ent-80



අදහස් (0)

සිනමාවට දායක වෙන්න කැමති දිළිණි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 291 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 467 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 189 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site