IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සුන්බුන් අතරින් යළි උපන් තුර්කි බිළිඳා

තුර්කියේ ඇන්ටක්යා නගරයේ පැය 128 ක් සුන්බුන් අතර සිරවී සිටි මාස දෙකක බිළිඳකු බේරා ගැනීමට ඊයේ (12) මුදවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ අතර එම බිළිඳාගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ කාගේත් කතා බහට ලක්ව තිබේ.

බේරාගැනීමෙන් අනතුරුව නාවා පිරිසිඳු කර ආහාර ලබා දීමෙන් අනතුරුව සතුටින් සිටින බිළිඳාගේ වීඩියෝ දර්ශනද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.එම වීඩියෝ දර්ශන ට්වීටර් ජාලය තුළ පමණක් මිලියන දෙකක පිරිසක් දර්ශනය නරඹා ඇත.

තුර්කිය සහ සිරියාව කැලඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන අද (13) 34000 සීමාව පසු කළේය. 

භූමි කම්පාවලින් වැඩිපුරම හානි සිදුවී ඇත්තේ තුර්කියටය. තුර්කියේ පමණක් මියගිය ගණන 29605 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

භූමි කම්පා හටගත්තේ මීට සතියකට පෙරය. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙයි.

සාර්ථකව බේරාගත් අනෙක් පුද්ගලයන් අතර අවුරුදු දෙකක ගැහැණු දරුවකු, සය මසක ගැබිණියක, අවුරුදු හතරක ගැහැණු දරුවකු සහ ඇයගේ පියා සිටින බව තුර්කි බලධාරීහු ප්‍රකාශ කළහ.

034



අදහස් (8)

සුන්බුන් අතරින් යළි උපන් තුර්කි බිළිඳා

Rohana Monday, 13 February 2023 01:00 PM

බිලිඳාට වාසනා වේවා

:       0       22

Anura Nanayakkara Monday, 13 February 2023 01:48 PM

ලස්සන ළමයෙක්... ලොකු ව්‍යවසනයක් වෙලත් මෙහෙම හිනාවෙලා ඉන්න...

:       0       8

Shantha- Qatar Monday, 13 February 2023 03:08 PM

අනුර, නිරෝගි, පුංචි අයට හිනා වෙන්න අමුතු දේවල් ඕනෑ නැහැ. කන්න ටිකක් දීලා බඩ පිරුණා නම්, නාවලා, කවලා, පොවලා හිටියා නම් ඒ අය හිනාවෙනවා. පුංචි අය ළඟ බොරු හිනා නැහැ.

:       0       5

Mohomed Monday, 13 February 2023 02:38 PM

අල්ලා දෙවියන්ගේ හාස්කම්...!

:       7       7

Ruwan R Monday, 13 February 2023 04:02 PM

ඒතකොට මැරිච්ච අය?

:       1       5

i-watchMonday, 13 February 2023 04:07 PM

34000 ක් මැරෙන්න දීලා 10 දෙනෙක් විතර බේරා ගැනීම නම් පුදුමාකාර හාස්කමක් තමයි.

:       1       5

JayaMonday, 13 February 2023 05:22 PM

දැනට 34000ක් මැරිලා මෙච්චර විනාශයක් වුණෙත් අල්ලා දෙවියන්ගේ හාස්කමකට වෙන්න ඇති.

:       1       5

Shantha - Qatar Monday, 13 February 2023 06:09 PM

මොහොමඩ්, මෝඩකතා කියන්න එපා...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site