IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සතොස නියෝජිතයන් ගම් මට්ටමින් පත්කිරීමේ වැඩපිළිවෙලක්

(අනීෂා මානගේ)

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රජයෙන් ලබා දුන් සහනය සෘජුවම ජනතාවට ලබා ගැනීමේ අරමුණින් සහ ඇඳරිනීතිය ඉවත් කළ  පසු ජනතාව නගරවලට එකතුවීම අවම කරගැනීමේ අරමුණින් ගම් මට්ටමින් සතොස වෙළෙදසැල්වල නියෝජිතයන් පත් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බව අභ්‍යන්තර වෙළෙඳ , ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද (10) වීරකැටිය මැදමුලන නිවෙසේදී  විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

සතොස අලෙවිසැල්වලින් සහන මිලකට අලෙවි කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩගම්වල සිල්ලර භාණ්ඩ අලෙවි කරන තෝරාගත් නියෝජිත වෙළෙදසැල් හරහා මිලදී ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍යවරයා කීය.

සෑම ගමකටම මෙලෙස නියෝජිත වෙළෙදසැල් එකක් හෝ දෙකක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයිද මෙමගින් අත්‍යවශ්‍ය ආහාර පාලන මිලක් යටතේ ලබා ගැනීමටත් ඇඳිරි නීතිය ඉවත් කළ පසු නගරවල තදබදය අවම කරගැනීමටත් හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.

තවද මෙයට අමතරව ඇතැම් ගම්මානවල වැසී ගොස් ඇති සමූපකාර වහාම විවෘත කිරීමට පියවර ගන්නා ලෙසට කොමසාරිස්වරයාට දැන්වූ බවද මෙම වෙළෙදසැල් හරහාද ජනතාවට සහන මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (7)

සතොස නියෝජිතයන් ගම් මට්ටමින් පත්කිරීමේ වැඩපිළිවෙලක්

චමින්ද Friday, 10 April 2020 12:45 PM

1994 ට පසුව සතොස වරලත් අලෙවි යෝජිතයින් පත්කල කාලයක් තිබුනා. නමුත් ඒ කාලයේ පත්කරගෙන තිබුනේ දේශපාලන හිතවතුන් මෙන්ම කූඨ වෙළදුන් පිරිසක්. එනිසා එවර එම උත්සාහය වැරදී ගියා. මෙවර එවැන්නක් කිරීමට පෙර පලමුව නගරයේ සතොස ආයතන වල භාණ්ඩ සුලභ කරන්න. දෙවනුව පාරිභොගිකයාට සැලකිල්ලක් දක්වන අය තෝරාගන්න....

:       0       0

Bamunuarachchi Friday, 10 April 2020 12:47 PM

හිටපු මහ බැංකු අධිපති වත්මන් අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල්ට සේවක අර්ථ සාධක අරමුදල හැර වෙනත් විකල්පයක් ඇත්තෙම නැතිද? සේවක අර්ථ සාධක අරමුදල වියදම් කිරීමට රජයට උපදෙස් දීමට ආර්ථික උපදේශකවරුන් අවශ්‍ය නැත. 2005 - 2014 කාලය තුල සේවක අර්ථ සාධක අරමුදලේ තිබු කෝටි ගණනක් මුදල් " Greek Bond" බොන්ඩ් වලට යොදවා සේවක අර්ථ සාධක අරමුදල්ද විනාශ කලේ වෙනත් කවුරුත් නොව අප සියලු දෙනාම දන්නා කබ්රාල්ම වේ. 2005 - 2014 දක්වා කබ්රාල්ලාගෙන් උපදෙස් ගෙන ආර්ථික වසයෙන් රටට සිදුවූ යහපත කුමක්ද?

:       113       142

Daminda Friday, 10 April 2020 01:00 PM

මොනවා හරි දෙයක් කලොත් හොදයි.. කළුකඩ මිලට මේ හැමට බදු විකුනන්නේ

:       0       15

දසුන් Friday, 10 April 2020 01:59 PM

කළයුතුව තිබුනෙ ඇදිරිනීතිය දැමීමත් සමගයි. උගත් තරුණයින් දේශපාලනයේ නොමැති පාඩුවයි මේ අත්විදින්නේ....

:       20       1

Chamal Friday, 10 April 2020 03:01 PM

අනේ චමල් මුත්තේ.. නින්දෙන් ඇහැරුනාම ඔය වගේ දේවල් හිතෙනව තමයි.. දේශපාලන හෙංචයියන්ට තව පෝසත් වෙන්න විදියක් හදල දෙන්න ලේසිම විදියක් හොයාගෙන තියෙන්නෙ... ගම්වල වැහුන සමූපකාර අරින්න මහන්සි වෙන්න ඕන නෑ. තියෙන ඒවාට හරියට බඩු තොග බෙදල දෙන්න. ඒ හොදටම ඇති. සැමන්, පරිප්පු පාලන මිලට බේතකටවත් හොයාගන්න නෑ.. බන්ධුල ඇමතිතුමාගෙ කටින් විතරයි ඒ ගානට තියෙන්නෙ....

:       0       138

චමින්දSaturday, 11 April 2020 01:11 AM

මෙම අදහස ඉතාම නිවැරදියි.මේ දිනවල පරිප්පු මිළ අඩුකලා කිව්වට එහෙම දෙයක් වෙලාම නැහැ.මම පෙරේදා පරිප්පු කිලෝ එකක් ගතතේ රුපියල් එකසිය හැත්තෑපහකට(175/=)

:       0       0

sumudu Friday, 10 April 2020 03:16 PM

මෙයා ආයෙත් සතොසේ මොනාට හරි කොටන්න ලැහැස්ති වෙන්නේ...

:       123       146

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site