IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ස්ටාර් කුක් කෙනෙක් ආවෝ

2016-08-19-ent-01දඹුල්ල පැත්තෙ රෑගත කෙරෙන ටෙලි නාට්‍යයක කණ්ඩායමක් ඒ අවට ප්‍රදේශයේ මාසයක් විතර නතර වෙන්න වෙනවලු.

වර්තමානයේ බොහෝ නිෂ්පාදන කණ්ඩායම්වලට බලපාන ප්‍රධානම ගැටලුව තමයි ආහාර පාන. හැමදාම කඩෙන් කෑම ගන්න ගියොත් ඇතිවන අතුරැ ප්‍රශ්න රුසක් අවම කර ගන්න ඒ කණ්ඩායමත් එක්ක කෝකියෙක් (කුක්) කෙනෙක් සම්බන්ධ කරගන්නවා. ඔන්න ඔය වගේ කුක්ලා කොච්චර ගෙනිච්චත් දෙවෙනි තුන්වෙනි දවස වෙන කොට පැමිණිලි ගලාගෙන එනවා.

ඔය දඹුල්ල පැත්තෙ වැඩේ පටන් ගන්න කොට නිෂ්පාදක කළමනාකරැ මුලු කණ්ඩායමට කුක් ගැන ආඩම්බරෙන් වර්ණනා කළාලු.

"මෙය එසේ මෙසේ කුක් කෙනෙක් නෙවෙයි, ස්ටාර් කුක් කෙනෙක්."

කට්ටිය කුක් දිහා බැලුවලු. ඇත්ත නේනනම් තරැ පහේ හෝටල් ලුක් එකක් තිබුණලු කොල්ලට.

ඔන්න පළවෙනි දවසෙ කෑම ටික කන ගමන් කට්ටියගෙ කසු කුසුව වැඩියිලු.

"කෑම නම් අන්තිමයිනෙ. ස්ටාර් කුක් කෙනෙක් කිව්වට ටිකක් අවුල් වගේ නේද?"

ප්‍රවීණ ශිල්පියෙක් කෝකියාට ළගට කරලා ඇහුවලු වැඩ කරපු ස්ටාර් හෝටල්වල විස්තර.

"මොන හෝටල්ද මහත්තයෝ - මම සුපර් ස්ටාර් එකේ අන්තිම 100ට ආවා. ඒකයි මට ස්ටාර් කුක් කියලා කියන්නෙ."

 

DESHAYA



අදහස් (0)

ස්ටාර් කුක් කෙනෙක් ආවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site