(නිමල කොඩිතුවක්කු)
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
කොළඹ නගර සභාවේ මන්ත්‍රී දුර 48ක් රජයට හිමිව තිබියදී විපක්ෂයට මන්ත්‍රීධුර 60කට අධිකක ප්‍රමාණයක් හිමිව ඇති බවත් විපක්ෂය සියලු දෙනාා ඒකාබද්ධ කරගනිමින් සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් සමග කොළඹ නගර සභාව පිහිටුවන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
කෙළඹ නගර සභාව මෙන්ම විපක්ෂයට වැඩි බලය හිමි පළාත් පාලන ආයතන පිහිටුවා නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පත්කිරීමට කටයුතු කරන බවද කොළඹ ඊයේ(7) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.
රජය බලයට පත්ව මාස පහක් ගිය තැන ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව මෙම මැතිවරණ ප්‍රතිඵල තුළින් පෙන්නුම් කරන බවත් මද්දුමබණ්ඩාර මහතා එහිදී පැවසීය.
62% ක ප්‍රතිශතයකින් මහමැතිවරණය ජයගත් මාලිමා රජයේ බලය පළාත් පාලන මැතිවරණය වන විට 43% දක්වා අඩු වී ඇති බවත් මාස පහක් තුළ ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති තරම ඉන් පැහැදිලි වන බවත් ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය මහ මැතිවරණයේදී ගත් 17% ක ඡන්ද ප්‍රතිශතය සියයට 22දක්වා වැඩිවී ඇති බවත් ආණ්ඩුව හැරුණු විට විපක්ෂයේ සියලු පක්ෂ තම ඡන්ද ප්‍රතිශතය ඉහල නංවා ගැනීමට සමත්ව ඇතැයිද මහලේකම්වරයා පැවසීය.
ආණ්ඩුව බලයට පත්වී මාස පහක් තුළ ජනතා බලය සේදී ගොස් ඇති බවත් හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි අභියෝග කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හම
මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේ
ජාතික ජන බලවේගයේ කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් හිස් වූ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය
පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීම වතිකානයේ සිස්ටවින් දෙව්මැදුරේ දී පැවැත්වෙන නමුත්, එම ඡන්ද විමසුමට සහභාගී වන කාදිනල්වරුන් කිසිවකුට
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන
මුලතිව්, පුදුකුඩියිරිප්පු කාලියඩි , වෙල් යායක වැඩ කරමින් සිටි ගොවියෙකු අකුණු සැර වැදී මරණයට පත්ව ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
ජයනාත් Wednesday, 07 May 2025 03:23 PM
පරණ සිස්ටම් නැවතත් කරළියට... ගනුදෙනු සාකච්ඡා මට්ටමේ. වැඩිම ගාන කාටද?
උකුස්සා Wednesday, 07 May 2025 03:52 PM
එජාපෙ එක්ක එකතුවෙලා කලා වගේ...
ලයන් Wednesday, 07 May 2025 03:57 PM
තමුන්ලට ඕන බලය, බලය ලැබුණාම වැඩ බල්ලට, ඉතින් මාටිය ගහනවා හැරෙන හැරෙන පැත්තෙන්...
පොඩිඑකා Wednesday, 07 May 2025 04:03 PM
හරි හරි, බලය ගන්න, හැබැයි මාලිමාවේ ගානටම වැඩත් කරලා පෙන්නන්න.
ඒ.එම්.ඒ. කුමාර Wednesday, 07 May 2025 04:12 PM
ලැජ්ජයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොරදෙන මේ ගොල්ලන් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයවත් දන්නේ නෑ. බහුතර ජනතාවක් කැමැත්ත දුන්නු පක්ෂයක් තිබියදී, ජනතාව ප්‍රතිකේෂ්ප කළ පිරිසක් එක්කරගෙන බලය අල්ලා ගැනීමට උත්සාහ දැරීම ප්‍රජාතන්ත්‍රවාදයට අවමානයක්....
Gunarathne Wednesday, 07 May 2025 04:23 PM
පළාත් සභා මැතිවරණය නොතියාවි කියලා හිතෙනවා. මොකද පාර්ලිමේන්තුවේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා පරාජය ලැබූ කෙනෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රී තනතුරක් ඉල්ලා තිබුණා.
Malika Wednesday, 07 May 2025 04:33 PM
මෙයාලාට මොන ප්‍රජාත්‍රන්තයද? මේ නරි දන්නේ මොනවා හරි අල්ලන් හූ කියන්නයි. දුටු තැන වහා තමන්ගේ මල්ල පුරවා ගන්න හොරකම් කරන්නයි, පගා ගහන්නයි තමයි. අපේ රටේ ඉන්න බහුතරයක් ගවයින් මේ වගේ අවලම් අයට ඡන්දේ දීමෙන් වෙන විපාක විඳින්නේ වෙනත් අය. මුන්ට දුවන්න හදන්න ඕනේ එකේ වුණු විපතක් වැඩි ඈත නෑ. රාජ්‍ය සේවයේත් බහුතරයක් ඉන්නේ හොරු සහ පගාකාරයෝ... ඔවුන් සපෝර්ට් මේ හොරුන්ට... දැන්වත් නැගිටපල්ලා. මේ හොර රංචුව එලවන්න. නැත්නම් සීයා ආපහු කජු කකා චූන් වෙන්න ගනී.
NPP Wednesday, 07 May 2025 04:54 PM
තනි පක්ෂයකට ලැබුණු ආසන සංඛ්‍යාව අනුව තමයි නගරාධිපති තෝරා ගන්නේ. එහෙම නැතුව ඔක්කෝම ටික එකතුකර ගන්න කෙනාට නොවේ...
RasikaWednesday, 07 May 2025 08:36 PM
අනේ ඔය මහ ලොකු තනි පක්ශය බහුතරයක් ප්‍රතික්ශේප කරලා කියලා පේන්නේ නැද්ද? බහුතර බලය වැඩි විපක්ශයට නම් කිසිම දෙයක් සම්මත කරගන්න බෑ. ඊට වඩා හොඳයි විපක්ශය එකතුවෙලා බලය පිහිටවීම... මොකද මාලිමාවේ සුපිරිසිදු බව නිසා රෙදි ඇඳගෙන කිසිම පක්ශයක් එක්ක එකතු වෙන්න බැහැ. අපි බලමු...
samantha Wednesday, 07 May 2025 07:14 PM
මම ගියේ නැත්තේ.. ඡන්දෙ දාන්න. උද්දච්ඡ ටෝක් නිසා... ජනතාව ටොක්කක් ඇන්න රජයට. අනුරට වැටෙන ඡන්ද විතරයි ඔය ආවේ.. වසන්ත. බිමල්. ලාල් කාන්තලා...ගේ උද්දච්ඡ..."අපි රජය ගත්තේ දෙන්න නෙමෙයි.." කියපු අයට.. හොඳ පාඩමක්...!
Asela Wednesday, 07 May 2025 07:18 PM
NPP වහලුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැන එතරම් දන්නේ නැහැ. ඔවුන් එවැනි මූලධර්ම දැන ගන්නේ කෙසේද? ඔවුන් මොළ සේදීමට ලක් කර ඇති අතර සමහරු ත්‍රස්තවාදය, පැහැර ගැනීම, කොල්ලකෑම්, ගිනි තැබීම් ආදියෙන් උමතු වී සිටිති. එක් පක්ෂයක් කවුන්සිලය පාලනය කළ යුතු බවට කිසිදු න්‍යායක් නොමැත. එය තේරී පත් වූ සාමාජිකයින්ගේ සංයුතියයි. NPP වහලුන් ඇඹුල් මිදි යැයි පවසති. අධික ලෙස තක්සේරු කිරීම අසාර්ථක වීමට හේතුවක්. අවසානය ආරම්භ විය.