IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සජිත්ට - රංජිත්ට මාර්තු 31 තෙක් කල් දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

සමගි ජනබලවේගයේ සභාපති හා මහ ලේකම් ධූර දැරීමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් වළකාලන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවරූ නඩුව සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන මාර්තු 31 වැනිදා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය  නියෝග කළාය.

වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයන්ට සමගි ජන බලවේගය ව්‍යවස්ථාව අනුව මෙම පක්ෂයේ තනතුරු දැරීමට හැකියාවක් නැතැයි සඳහන් කරමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවරූ නඩුව සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය එලෙස නියම කළාය.

සමගි ජන බලවේගය පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයකුට සමගි ජන බලවේගය පක්‍ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කරමින් ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු නම් කොට ඇත.

 



අදහස් (3)

සජිත්ට - රංජිත්ට මාර්තු 31 තෙක් කල් දෙයි

sharm warn Wednesday, 25 January 2023 04:54 PM

පුරවැසිකමක් නැති කෙනෙකුට මෙරට පුරවැසියන්ට විරුද්ධව පක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් නඩු පවරන්න පුළුවන්ද?

:       8       20

අබිලින් Wednesday, 25 January 2023 06:19 PM

ප්‍රජා අයිතිය නැතුව දේශපාලන කටයුතු කරන්න බැරිනම් වෙනත් රටක පුරවැසියකු නායකත්වය දරණ පක්ෂයක සාමාජිකයන්ට (කිසිවෙකුට) රටේ පාලනය සදහා සහභාගී වීමට හැකිද කියන්න

:       0       0

Rocky Wednesday, 25 January 2023 05:39 PM

ශ්‍රී ලංකාවේ පුරවැසිකමක් නැති බව කියන මේ කාන්තාවට මෙබඳු පැමිණිලි කළ හැකිද? ඇය තවමත් පාර්ලිමේන්තුවේ සිටින්නේ කෙසේදැයි සිතිය යුතුයි..!

:       9       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 774 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site