ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය වූ ආතියා ෂෙට්ටි සිය දෙවැනි බොලිවුඩ් චිත්‍රපටයට සම්බන්ධ වීමට පසුගියදා අත්සන් තැබූ බව "ටයිම්ස් ඔෆ් ඉන්දියා" වෙබ් අඩවිය සඳහන් කරනවා. ජනප්‍රිය චිත්‍රපට රැසක් නිර්මාණය කළ සිද්ධාර්ත් ආනන්දගේ අලුත්ම චිත්‍රපටය සඳහා මෙසේ එක්වන ආතියා එහි ජනප්‍රිය හා ප්‍රවීණ බොලිවුඩ් සිනමා නළු සංජේ දත්ගේ දියණිය ලෙස රංගනයෙන් දායකවෙනවා.
පසුගිය වසරේ සල්මාන් ඛාන් නිෂ්පාදනය කළ "හීරෝ" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පැමිණි ආතියා ෂෙට්ටි නව පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් නිළියක් බවටද වර්තමානයේ පත්ව සිටිනවා. සිනමා විචාරකයන් පවසන්නේ සිද්ධාර්ත් වැනි ප්‍රවිණයෙකු ඔහුගේ චිත්‍රපටයට ආතියාව සම්බන්ධ කරගැනීමටද එය හේතුවක් වූ බවයි සඳහන්. ක්‍රියාදාම චිත්‍රපටය ලෙස නිර්මාණය කරන මෙම චිත්‍රපටය සිවු වසරකට පසුව සංජේ දත් බොලිවුඩ් සිනමාවට එක්වෙන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සංජේගේ දූට රඟපාන 'ආතියා'