ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප‍්‍රකාශිත සිංගරාසා නඩු තීන්දුව පාර්ලිමේන්තුව මඟින් අවලංගු කළහොත් ඉන් ව්‍යවස්ථාපිත අර්බුදයක් නිර්මාණය වන බව සඳහන් කරමින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ජනාධිපති කටයුතු නොකිරීමෙන් තමන්ගේත් රටෙහි ජනතාවගේත් මූලික අයිතිවසිකම් කඩවන බවට ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥ දර්ශන් වේර¥වගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පසුගිය ජූලි 09 වැනිදා පුවත්පත් වල සහ පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය මඟින් සිංගරාසා නඩු තීන්දුව වලංගු කරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවට පෙත්සම්කරුට දැන ගන්නට ලැබී ඇත.
යම්හෙයකින් මෙවැනි නියෝගයක් පාර්ලිමේන්තුව මඟින් සිදු කළ හොත් ඉන් ව්‍යවස්ථාපිත අර්බුදයක් නිර්මාණය වනු ඇතැයිද පෙත්සම්කරු කියා සිටී.එමඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) වගන්තිය උල්ලංඝනය වීමක් සිදුවේ.
මෙම තත්ත්වය වැළැක්වීමට ජනාධිපතිට ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ඇත. මෙම තත්ත්වය වැළැක්වීමට ජනාධිපති මෙතෙක් කටයුතු කර නොමැත.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට නියෝග කරන ලෙසද , තමන්ගේ්ත් රටෙහි ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
සිංගරාසා නඩු තීන්දුව යනු 2005 වසරේදී එවකට අගවිනිසුරුව සිටි සරත් එන් සිල්වා මහතා ප්‍රමුඛ පංච පුද්ගල වින්සුරු මඩුල්ලක් විස්න් ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුවකි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දුන්නා යැයි කියන කතෝලික පියතුමකු වන සිංගරාසා අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ නඩු විභාගයේ දී තීන්දු වූයේ ජාත්‍යන්තර ප්‍රඥප්ති වල එකඟතාවයට අනූව ලංකාවේ නීති රීති සම්පාදනය නොවිය යුතු බවත් ශ්‍රී ලංකාවටම වෙන් වූ අධිකරණ ක්‍රියාදාමයක් හෝ නීතිමය රාමුවත් තියෙන බැවින් අන්තර්ජාතිකි නීති රීති රෙගුලාසි වලට යටත්ව ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වූවන් නිදහස් කිරීම අවශ්‍ය නොවන බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සිංගරාසා තීන්දුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
වසන්ජය Thursday, 14 July 2016 08:09 AM
ඇතැම් අරාබි රටවල ක්‍රියාත්මක වන්නේත් තම රටවලට ආවේනික වූ නීති පද්ධතියක් (ම)
පීරිස් Thursday, 14 July 2016 09:01 AM
අපි අපේ රටට ගැළපෙන අපිට උචිත ආණ්ඩු ක්‍රමයක් එක්ක ගියාම හරි. එක එක රටවල තියෙන දේවල් වල එල්ලෙන්නේ නැතුව (නි)
ඉන්දික Thursday, 14 July 2016 09:32 AM
හරි නේද දැන්.(හේ)
සුසිල් Thursday, 14 July 2016 02:45 PM
ජාත්‍යන්තර ප්‍රඥප්ති වල එකඟතාවයට අනුව ලංකාවේ නීතිරීති සම්පාදනය කළනොහැකි නම් ඒවා අත්සන් නොකර සිටිය යුතුයි. (නි)
ශිරාල් එල්.තිලක Thursday, 14 July 2016 06:38 AM
ජනතා ඡන්දයෙන් පත්නොවූ අපේ රටේ සමහරු ඕනෑවට වඩා උඩ පැනීමෙන් හොඳ පාඩමක් ළඟදීම ඉගෙනගන්නවා නියතයි. (නි)