'ෆෑන්' චිත්‍රපටය නිසා මේ දිනවල ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බොලිවුඩ් සිනමා නළු ෂාරුක් පසුගිය දින කිහිපය සිය දරුවන් වෙනුවෙන් වැය කොට තිබූ බව සඳහන්. සිය පුත් ආර්යන්ගේ උපාධි ප්‍රදාන උත්සවය සඳහා හදිසියේම එංගලන්තයේ ලන්ඩන් නගරය කරා ගොස් ඇති ෂාරුක් එදිනම නැවතත් ඉන්දියාව බලා යළි ආ බව සඳහන් වේ. ඒ ෂාරුක්ගේ දියණිය වූ සුහානාගේ 16 වැනි උපන්දිනය එදිනට යෙදී තිබීම නිසාවෙනුයි.
සුහානාගේ උපන්දිනය නිමාවත් ඔහු සිය පුත් අභිරාම් සමගින් සිය හිමිකාරිත්වයෙන් මෙවර 'ඉන්දීය ප්‍රිමීයර් ලීග්' තරගාවලියේ තරග වදින 'කොල්කොටා නයිට් රයිඩර්ස්' කණ්ඩායමට සහාය දැක්වීමට කොල්කොටාහි ඩිජ්න් ගාඩින් ක්‍රීඩාපිටියට ගොස් තිබුණ බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් තිබෙනවා. දැඩි වෙහස මහන්සියද නොබලා ෂාරුක් මෙම ක්‍රිකට් තරගය නැරඹිමට පැමිණ ඇත්තේ තම පුත් අභිරාම්ගේ ඉල්ලීමකට බවද සඳහන් වේ.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.