IMG-LOGO

ෂාරුක්, ආක්ෂේ මුල් දසදෙනා අතරට

2016-07-20-ent-02

"ෆෝබ්ස්" සඟරාව විසින් පසුගිය ජූලි 18 වැනිදා නම් කළ මේ වසරේ මේ වනවිට ඉහළ ආදායමක් උපයාගත් නළු නිළියන් අතර මුල් දසදෙනා අතර, නමය හා දහය ස්ථාන දිනා ගැනීමට බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන් හා ආක්ෂේ කුමාර් දෙදෙනා සමත්ව ඇත.

මේ වසරේ මේ ගෙවුණු මාස 7ක කාලය තුළදී පමණක් ෂාරුක් ඛාන් ඇමෙරිකානු ඩොලර් මිලියන 33ක මුදලක් උපයාගෙන තිබේ. ආක්ෂේ කුමාර් උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් 31.5ක මුදලකි. කෙසේ වෙතත්, මේ වසරේ මේ වනවිට ෂාරුක් ඛාන්ගේ "ෆෑන්" චිත්‍රපටය පමණක් තිරගත වූ අතර, ආක්ෂේගේ "එයාර් ලිෆ්ට්" හා "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපටය තිරගත වී ඇත. එමෙන්ම මෙම චිත්‍රපට දෙකම ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයාගෙන තිබේ.

එහෙත් ආක්ෂේට වඩා ෂාරුක් ඛාන්ට ඉන්දීය වෙළෙඳ දැන්වීම් මෙන්ම රූපවාහිනි වැඩසටහන් සඳහා එක්වීමෙන් ඉහළ ආදායමක් හිමිව ඇත. මෙම "ෆෝබ්ස්" සඟරාව විසින් නම් කරනු ලැබූ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ජනප්‍රිය පොප් ගායිකා ටේලර් ස්විෆ්ටය. ඇය මේ ගෙවුණු මාස 7ක කාලය තුළදී උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක මුදලකි.



අදහස් (0)

ෂාරුක්, ආක්ෂේ මුල් දසදෙනා අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 288 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 461 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site