හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වන චෝදනාවකට පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවටගත් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය.
ඇයගේ කිරුළපන පිහිටි නිවසේදි මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපකෂ අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්න ඉන්න ඇත්තෙ. ඒක වැරදුන ලජ්ජාවට මේක අදම කලේ. අපේක්ෂිත ඇප අයදුම්පතක් දාල බුද්ධි අංශ නොමඟ යැව්ව. මැලේසියාවට ගිහින්ති කොළඹ ආවෙත් සැලසුම්ප සහගතව. ගුවනතොටුපලේදී කැඳවීම් ලිපිය ජයග්රාහිව යද්දි දුන්නට එද්දි අල්ලන්න බැරි උනා. ඉතිහාසේ පළමු වතාවට බුද්ධි අංශ අපකීර්තියට පත් උනා. කබුද්ධි අංශ කුමාර් ගුණරත්නම් ඇල්ලු කතාව මෙතන කියන්න දිග වැඩියි.
මේ දේවල් කරන්න පරක්කු උනා හොදටම වැඩී.. රාජපක්ෂ පවුලේ සියළුම සාමාජිකයන් සහ ඥාති රාජපක්ෂලා සහ මිතුරු මිතුරියන් මේ දුපත පාවිච්චි කලේ උන්ගේ නින්දගමක් අන්දමට... අතීතයේ රජවරු වගේ හිතෙන හිතෙන දේවල් ක්‍රියාත්මක කරලා උපරිම හොරකම් කරලා මේ රට විනාශ කලේ කවදාවත් උන්ගෙන් පිට බලය නොයාවි කියන අදහසින්... ජනතාව තීන්දුව දුන්නු මේවා පැයේ මේ සියළුම ජඩකම් බලුකම් වලට දැඩි දඩුවම් දියයුත්තේ අනාගතේ කිසිවෙකුට හොරකම් කරන්න ජඩකම් කරන්න හිතෙන්නේවත් නැති වෙන්න... පට්ට සතුටුයි...
ලක් අම්මව අත් අඩන්ගුවට ගත්තා එහෙමනම්.
නිමල්ගෙ මොලේ අවුල්, ඔය තමුන් කියන බහු භුත මේ රජයට වලංගු නැ, ඔය මීට පෙර නිතිය බයවෙලා හිටිය චරිත, මේ අය එන කොට නීතිය හැංගෙනව , ඒ කාලෙ දැන් අවසන්
මොන වැරදි වැඩ කරලා හිටියත් දැන් සමහර දෙනා මිනිස්සුන්ට රිදෙයි. ඒ මිනිස්සුන්ට මේ වගේ අය මොන වරදක් කළත් කමක් නෑ. ගෙදර ගෑණි, දුලා වුණත් දෙයි. නමුත් විය යුත්තේ කුමන තරාතිරමක වුණත් වැරදි කරලා තියෙනවා නම් දඬුවම් විඳින්න ඕනේ. ඒක සිදුවෙමින් තියෙන බව පෙනෙන එක සතුටට කරුණක්.
මෙත් මල් පිපිදේවා, මෙත් මල් පිපිදේවා.
නීතිය සැමට සමානයි කිව්වාට මට නම් ඒක පෙනෙන්නෙ නෑ ,,වරද කරුවෙකු බන්ධනාගාර ගත කලාට පස්සේ ඇප දෙනව හැබැයි රටින් පිටයන්න තහනම් කරන්නේ නැහැ,, දැන් කීදෙනෙක් රටින් පැන්නාද??? දැන් ඔවුන්ව ගෙන්වන්න කියලා එළියට යවපු උසාවියෙන්ම ආණ්ඩුවට නියොග කරනවා දැන් මෙවාට වියදම් කරන්නේ අපේ බදු මුදල්??? නැත්නම් නැවත කාලය මුදල් වැය කරලා උසාවියෙන් විදෙස් ගමන් තහනමක් ඉල්ලන්න ඕනේ,,නඩු අදින සහ මුදල් අදින ක්‍රමය නතර කරන්න කාලය ඇවිත්.
බුද්ධි අංශබාග හතලිස් හත්වෙනි වතාවටත් කීර්තියෙන් කීර්තියට පත්කෙරුවේ මෙයාගේ මස්සිනා.