(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා නවාස් විනිසුරුවරයාට ඊයේ මැතිසබයේදී ශාප කිරිම බරපතළ කාරණයක් හෙයින් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සමාව ගත යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
නවාස් විනිසුරුවරයා විභාගයට ගන්නේ මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ නඩු විතරක් බවට රිෂාඩ් බදුර්දීන් මහතා කර ඇති ප්‍රකාශයද අසත්‍යයක් බවත් රාජපක්ෂ මහතාට පක්ෂව දීපු නඩුවක හෝ විපක්ෂව දීපු නඩුවකවහෝ ඔහු වාඩි වී නැති බවත් අමාත්‍යවරයා කීවේය.
රිෂාඩ් බදුර්දීන් මහතා මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇමතිකම් දැරුවද ඒකට කවුරුවත් ශාප නොකළ බවද රාජපක්ෂ මහතා පැවසීය.
දැන් නඩුවක් ඇහුවේ නැහැ කියලා බදුර්දීන් මහතානවාස් විනිසුරුවරයාට ශාප කරන බවද නවාස් මහතා ගෞරවනීය විනිසුරුවරයකු බවද ඔහු කීවේය.
ඔහු ජාතිවාදය කරපින්නා ගෙන සිටින නඩුකාරවරයෙකු නොවන බවද විජයදාස රාජපක්ෂ මහතා කීය.
කනිෂ්ඨ නීතිඥවරයා නවාස් විනිසුරුවරයා අමතා බදුර්දීන් සම්බන්ධ නඩුව නවාස් මහතා ඉදිරියේ නඩුව අහලා ඉවර කිරීමට ජ්‍යෙෂ්ඨ නීතිඥයා බලාපොරොත්තුවෙන් සිටින බව දැනුම්දී ඇති බවත් ඊට පසු දින උදේ ජේෂ්ඨ නීතිඥයා නවාස් විනිසුරුවරුවරයා දුරකතනයෙන් අමතා ඔබ ඉදිරියේ මේ නඩුව ගන්න එපා යැයි ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එය නීතිඥවරුන්ගේ අනවශ්‍ය මැදිහත්වීමක් බවත් ඒ පිළිබඳව නවාස් විනිසුරුවරයා අගවිනිසුරුවරයා දැනුවත් කර ඇති බවත් රාජපක්ෂ මහතා පැවසීය.
එලෙස දැනුවත් කිරීමෙන් පසු ඔහු එම නඩුව විභාග කළ නොහැකි බව දන්වා ඇතැයිද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කර විනිසුරුවරුන්ට එරෙහිව මෙලෙස කටයුතු කිරීම වැරදි යැයි ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
අපි ඒ ගැන රිෂාඩ් බදුර්දින් මන්ත්‍රීතුමා දැනුවත් කරන්නම්.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශාප කිරීම ගැන විනිසුරුවරයාගෙන් සමාව ගත යුතුයි
Perera Monday, 04 December 2023 11:15 PM
නවාස්, මොහාන් පීරිස් එක්ක එකතුවෙලා නීතිපති දෙපාර්තතමේන්තුවේ ඉද්දී කරපු ඉඩම් ජාවාරම් විමර්ෂණයෙන් බේරුවේ මහින්ද රාජපක්ෂ බව දන්නෝ දනිති.