IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය නොකලොත් 6000කගේ රැකියා අනතුරේ

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට  අඛණ්ඩව සිදු කළ නොහැකි බවත් ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කිරීම අසාධාරණ බවත් අමාත්‍යවරයා කීය.

ශ්‍රී  ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාල කටයුතු සිදුකිරීමට අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, ඉතා විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදු කිරිම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.



අදහස් (6)

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය නොකලොත් 6000කගේ රැකියා අනතුරේ

swene Friday, 30 June 2023 09:30 PM

ඔය ගුවන් සේවය දිගටම පාඩුවුණා. එතකොටත් රජයේ මුදල් පොම්පකරා. ඔබතුමාත් සිවිල් ගුවන් සේවා ඇමැති හැටියට හිටියා. ඔයා කළ වැරැද්දට ඔයත් වන්දි ගෙවන්න ඕනෑ නේද?

:       0       4

Nandalal DE SILVA - FRANCE Friday, 30 June 2023 10:06 PM

ශ්‍රී ලන්කන් ගුවන්සේවය කාබාසිනියා කරපු රාජපක්ෂ හමුදාවටත්, ඔවුන්ගේ හෙංචයියන්ට ඩොලර් කෝටි ගණන් පඩිගෙවා, ලාබ ලබමින් තිබුණා. මේ ශ්‍රී ලාංකීය අභිමානය වලපල්ලට ඇද දැමූ මැදමුලන පරම්පරාවටම වැහි නැති හෙණ ඉල්ලා, රට පුරා දේවාලවල පොල්ගැසීමට ජනතාව ඉදිරියට පැමිණීමට කාලය පැමිණ තිබේ...!!! 

:       0       6

Prabha Saturday, 01 July 2023 01:42 AM

විකුණලා කීයක් හරි හොයාගන්න මයෙ අම්මා... !

:       0       4

chandima Saturday, 01 July 2023 02:39 AM

මොකක්ද මේ ප්‍රතිව්‍යුහගතේ කියන්නේ...? පා කරනවද? අවප්‍රමාණය කරනවද? වැඩේ හංගන විදිහට නම් මොකක්හරි ගිනි විජ්ජුම්බරයක් තමයි. රනිල්ටත් ගෝඨා ගිය විදිහටම ගෙදර යන්න වෙයිද?

:       1       4

sam Saturday, 01 July 2023 10:59 AM

මෙන්න මේවා කොහෙට හරි විකුණලා දාපල්ලා... මේ අය ගිය ගිය තැන හොරා කනවා. කොමිස් ගහනවා. විකුණන් කනවා.

:       0       5

wasantha aviruppola Saturday, 01 July 2023 01:10 PM

රටේ ජනතාවගෙන් අරන් තියෙන ණය කපාහරින්න වගේ හදන්නේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site