ශ්රී ලංකා චෙස් සංගමය සංවිධානය කළ 5 වැනි කොළඹ ජාත්‍යන්තර චෙස් සැණකෙළියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස ජාතික චෙස් ශූරී සචිනි දිනුෂිමා රණසිංහ සම්මාන දිනා ගත්තාය. ජාත්‍යන්තර චෙස් ශූරයකු වන චීන ජාතික බී ලී චාවෝ විවෘත ශූරතාව දිනා ගැනීමට සමත්විය.
චාවෝ ශූරතාව සඳහා ලකුණු 9.0 ක් ලබාගත් අතර ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය ලබා සිටින ඉන්දීය ක‍්‍රීඩක පී. කාර්තිකියන් (ලකුණු 8.0) අනුශූරතාව ලැබීය. විවෘත ඉසව්වේ තෙවැනි හා සිවුවැනි ස්ථාන ද ඉන්දිය ක‍්‍රීඩකයන් දිනාගත් අතර මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි චාමික පෙරේරා පස්වැනි ස්ථානය ලැබීය. චාමික පසුගිය වසරේ ජාතික චෙස් ශූරතාව දිනාගත් ක‍්‍රීඩකයාය.
අන්තර්ජාතික චෙස් ප‍්‍රවීණතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකා සචිනි රණසිංහ කාන්තා ශූරතාව සඳහා ලකුණු 6.5 ක් ලබා ගත්තාය. වයි. මෙත්මාලි සහ නවෝදා ජයතිලක පිළිවෙළින් අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ලැබුහ.
කොළඹ මැගසින් උත්සව ශාලාවේදී පැවැති මෙම තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට ඒමේ අවස්ථාව හිමිවිය.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශූරතා සචිනිට - බී ලී චාවෝට