IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වී.වී.අයි.පී සැලකිල්ල

2016-08-18-ent-01හිටපු ලොකු තැනයි තවත් මන්ත්‍රී පිරිසකුයි පසුගියදා කොරියාවට ගියේ එහෙන් ලැබුණ ආරාධනාවක් අනුවයි. ඉතින් උන්නැහේලට යන්න තිබුණ දවසෙ සුපුරැදු විදිහට කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගෙ මැදිරියට ගියේ පාස්පෝට් සීල් කරලා අනුමත වෙලා එනකම්..

දැන් මේ මන්ත්‍රී පිරිසයි හිටපු ලොකුතැනයි අමුත්තන්ගෙ මැදිරියෙ වාඩිවෙලා ඉන්නකොට එතන සේවය කරන කෙනෙක් ඇවිත් ඇහුවා තේ එකක් කාරිය බොනවද කියලා. ඊට පස්සෙ කිව්වා කෝපි ගේන්න කියලා..

ඒ අනුව ගුවන් තොටුපොළ සේවකය කෝපි බඳුනක් ගෙනාවා... ඊට පස්සෙ හිටපු ලොකුතැන කෝපි පානය කළා.. ඊළඟට මෙයාලගෙ පාස් පෝට් ගෙනාවා.. කට්ටියම ගුවන් යානයට ගොඩ වෙන්න යන්න සූදානම් වුණා.

මෙන්න එතකොටම ගුවන් තොටුපොළ අමුත්තන්ගෙ මැදිරියෙ සේවකයෙක් දුවගෙන ඇවිත් කට්ටියට කොළයක් දුන්නා... ඒක බැලුවම පෙනුණෙ ඒක රැපියල් 4500/=ක බිලක් බවයි. බිලේ සඳහන් කරලා තිබුණා විශේෂ අමුත්තන්ගේ මැදිරියෙන් කෝපි පානය කළාට මේ මුදල ගෙවන්න කියලා..

කවදාවත් සිද්ධ නොවුණ මේ වැඩේ නිසා හිටපු ලොකු තැන පුදුමයට පත්වුණාලු.. ඒත් ඉතින් බිල ගෙවන්න එපායැ.. ඒ අනුව උන්නැහේගෙ කාර්යය මණ්ඩලේ කෙනෙක් වහාම රැපියල් පන්දාහෙ කොළයක් ගුවන් තොටුපොළ සේවකයට දුන්නෙ බිල පියවන්නයි..

ඒක අතට ගත්ත සේවකයො බොහොම කාරැණිකව කිව්වා සර් දැන් කෝපි දෙනවට සල්ලි ගන්නවනේ.. ඉන්න මම බිල ගෙවලා ඉතුරැ සල්ලි ගේනකම් කියලා... ඒ කතාව කිව්වම හයියෙන් හිනාවුණ කෙනෙක් ගුවන් තොටුපොළ සේවකයට මෙහෙම කිව්වලු..

"එපා.. එපා.. ඉතුරැ සල්ලි එපා.. ඒක අපේ කෝපි වලට බිල දාන්න කියපු මහත්තයට "ටිප්"එකක් හැටියට තියාගන්න කියන්න...

එහෙම කියලා ගුවන් තොටුපොළ සේවකයාගෙ පිටට තට්ටුවක් දාපු උන්නැහේලා ගුවන් යානයට ගියා..

 

DESHAYA

 



අදහස් (0)

වී.වී.අයි.පී සැලකිල්ල

ලක්ෂි Friday, 19 August 2016 07:17 AM

මේක සතුටු වෙන්න දෙයක් නෙමෙයි. මේ වගේ වැඩ කරලා හතුරෙකුවත් අවමානයට පත්කරන්න එපා. විශේෂයෙන් කන බොන දේ වලදි. මේ විදියට බැලුවහම ගෙදරකට ගිහිල්ලා තේ එකක් බොනකොටත් බිලක් දානවද කියලා අහන්න වෙයි. (නි)

:       0       0

පෙරේරා Friday, 19 August 2016 02:07 AM

ඉතුරු බිල් ටිකත් ගෙවලා දැම්මා නම් තමයි හොඳ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site