IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වෙළෙඳ ඇමැති බන්දුල දැඩි තීරණයක

(අජන්ත කුමාර අගලකඩ)

පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ සමුපකාර දෙපාර්තමේන්තුවේ කටයුතුවලට කිසිසේත් මැදිහත් නොවීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ .

දැනට මෙම ආයතන දෙක පවතින්නේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා යටතේ වුවද බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් අමාත්‍යවරයා ලෙස නිරීක්ෂණ මට්ටමෙන් ඒවායේ කටයුතුවලට සම්බන්ධ විය .

එසේ වුවද ඇමතිවරුන් දෙදෙනා තමන්ට බලපෑම් කළ බවට පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කර ඇති ප්‍රකාශ සහ ඇතැම් පාර්ශ්ව වලින් එල්ල වෙන චෝදනා සැලකිල්ලට ගනිමින් බන්දුල ගුණවර්ධන මහතා මෙම ආයතන දෙකේ කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .

 



අදහස් (22)

වෙළෙඳ ඇමැති බන්දුල දැඩි තීරණයක

Sk Saturday, 02 October 2021 12:07 PM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ...

:       1       60

Hafeel Saturday, 02 October 2021 01:04 PM

මිනිහා නාගෙන වගේ... එ්ක තමයි දැන් බයවෙලා. ඔහොම දේශපාලනය අත්හැරිලා ගෙදර ගියා නම් හොඳයි...

:       2       79

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 02 October 2021 12:13 PM

ඔබතුමන්ලා කළයුතුව තිබුනේ, වහාම අදාළ හොරකම ගැන, හොරුන් ගැන නිසි පියවර ගැනීමයි. ඒත් සිදුවූයේ වෙනත් දෙයක්... ප්‍රශ්නය පටලවා ගන්නේ නැතිව ඒ දේ හරියට කළා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ...

:       0       66

සිරිබිරිස් Saturday, 02 October 2021 12:15 PM

ඔය ඇමතිලා දෙන්නා රඟපාන්නේ රෑ ඩැනියෙල්, දවල් මිගෙල් චරිතය....

:       0       66

පැරකුම්Saturday, 02 October 2021 01:50 PM

දේශපාලුවන් හැමදාමත් කරේ ජනතාව රවටා තමන්ගේ මල්ල පුරවා ගැනීමයි. මේ තවත් එවැනි රංගනයක් පමණයි…!

:       0       52

Sunil Saturday, 02 October 2021 12:52 PM

කරන්න බැරි වැඩ බාර නොගන්නවා නම් හොඳයි. මදැයි ඩඩ්ලි හාමුගෙන් ඉගෙන ගත්ත පාඩම... තමන් කවුද කියලා... නාගත්තා හොඳටම ඇති...

:       1       52

Nihal Saturday, 02 October 2021 12:59 PM

ටික දවසකට ඉල්ලා අස්වෙන්න. අමතක වුණාම ආයේ ඇමැතිකම ගන්න බැරියෑ...

:       1       50

Koka Saturday, 02 October 2021 01:17 PM

"කිසිසේත් මැදිහත් නොවීමට" ඒ කියන්නේ මීට ඉස්සෙල්ලා මැදිහත් වුණා...

:       0       48

Bamunuarachchi Saturday, 02 October 2021 01:50 PM

අනේ යන්න එපා ඔබ තමයි දක්ෂයා

:       9       18

දාස Saturday, 02 October 2021 01:50 PM

මෙයා කී සැරයක් අස්වුනාද

:       0       34

Raveendra Saturday, 02 October 2021 02:05 PM

බන්දුල ගොයියෝ, තමුන් නිර්දෝෂී නම් ඇයි මේ එකඑකාගේ කතාවලට බය වී ප්‍රශ්නෙන් පැනයන්නේ... අවංක මිනිසාව ස්වභාව ධර්මයා විසින් සෑමවිටම ආරක්ෂා කරනු ඇත..

:       5       41

saman Saturday, 02 October 2021 03:28 PM

නහින දෙහින කාලේ තායිලන්තයට ගිහින් ඉන්නකෝ... මේ මඩ ගොහොරුවෙන් අයින් වෙලා...

:       0       31

bandaraSaturday, 02 October 2021 09:32 PM

නරකම නෑ සමන්.

:       0       10

swene Saturday, 02 October 2021 09:21 PM

ඔයා කලේ ජනතාව නොමග යැවීමත් ඉන් අනතුරුව කටින් බතල කොළ ඉන්දිමත් පමණයි.

:       0       15

kapila Saturday, 02 October 2021 09:34 PM

කට වහගෙන ඉන්නෙ කට ඇරලා කියන්න දෙයක් නැති නිසා. අහෝ දුකකි ඉරකි තිතකි

:       0       10

Demuni Uduwara Sunday, 03 October 2021 02:25 AM

ඔබේ ව්‍යාපාර ගැන සිතන්න!

:       0       1

ගමේ එකාලා Sunday, 03 October 2021 03:06 AM

.සක්කරයාගේ පුතා වයිමා ආවත් වැඩක් නැහැ .ඔන්න ඔහොම කතාවක් ආර්ථික ඔස්තාර් කෙනෙක් කිව්වා වගේ මතකයි.

:       0       1

jayantha Sunday, 03 October 2021 09:47 AM

අහිංසක ජනතාව‌ගේ ඡන්දෙන් සහ අධාරකරුවන්ගේ උපකාරයෙන් බලයට ඇවිත් ,ගෙනාපු මිනිස්සුන්ට ආපු ගමන් කරේ අහින්සක ජනතාවට අඩු මිළට බඩු ගන්න තිබෙන සමුපකාර දෙපාර්තමේන්තුව විනාශ කරන්න පනත් කෙටුම්පතක් ගේනවා. ඊට අමතර මේ කොරෝනා කාලයේ ජනතාවට ඇති ඖෂධිය ආහාරයක් වන සුදුළුනු වලට වලට කරපු දේ. තවද ගුණමකු ඇමතිවරයා, රාජ්‍ය ඇමති ඔහුගේ අමාත්‍යංශ ලේකම්වරු කණ්ඩායම එකතු වී ඔවුන් යැටතේ ඇති ආයතන විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ප්‍රසිද්ධ රහසක් බව කිව යුතුය. ‌නිවැරදි ඇමතිවරයෙක් නම් කළ යුත්තේ මේ ආයතන ආරක්ෂාවට කටයුතු කරන එක වන අතර මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන සම්බන්ධ අය වැඩ තහනම් කර විමර්ෂන ආරම්භ කරන එක වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙලිදරව් කරපු අයට විරුද්ධව වන්දි ඉල්ලල නඩු දාන එක නොවෙයි. මේකේ ඇත්ත තත්තවය ජනතාව ‌හොදාකාරව දන්නව, ඒ ක ප්‍රසිද්ධ රහසක්. එබැවින් අතිගරු ජනාධිපතිතුමනි, මෙම අමාත්‍යාංශය ඔබතුමා යටතේ තබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි. මෙවැනි අය තියා ගැනීම ආණ්ඩුවට දෙයියන්ගේම පිහිටයි .................................... !

:       0       3

FernandoSunday, 03 October 2021 01:31 PM

හැමදාම වුනේ මේ හොරුන්ට රැවටිච්ච එක. මේ නිසා මේ කියන දේවල් ඇතිත දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දී ගෙන එනවා වාගේ.

:       0       2

nihal Sunday, 03 October 2021 09:56 AM

ඉවරයක් නැහැ වගේ තාම මේක

:       0       0

69lakshaya Sunday, 03 October 2021 10:26 AM

මේ තරම් අවංක ඇමති කෙනෙක් වෙන කොහේවත් නැහැ.

:       0       2

වයිමා Sunday, 03 October 2021 11:32 AM

හැමදාම දැඩි තීරණ.කෝ ප්‍රතිපල

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 79 0

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 380 0

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 141 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 238 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1371 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 269 3

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 292 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1657 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site