මෙවර යල කන්නයේදී කුඹුරු අක්කර එක්ලක්‍ෂ පනස්දහසක් වස විසෙන් තොරව වගා කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති උපදේශක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
පුලතිසිපුර සේරුනුවර සිට දීඝවාපිය දක්වා කුඹුරු අක්කර ලක්‍ෂයක් සහ අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, කළුතර සිට මඩකලපුව දක්වා කුඹුරු අක්කර 50,000ක් මෙලෙස වගා කරන බව ද කීහ.
පාරම්පරික සහ වැඩිදියුණු කළ වී වර්ගද වගා කරන බව රතන හිමියෝ කියා සිටියහ.
වස විසෙන් තොරව වගා කිරීමට කැමති ගොවීන්ට මෙම වැඩපිළිවෙල යටතේ ලියාපදිංචි විය හැකි බව කී උන්වහන්සේ මේ පිළිබඳ අවශ්‍ය තොරතුරු sema.gov.lk වෙබ් අඩවියෙන් සහ 011 2426100 දුරකථන අංකයෙන් ලබාගත හැකි බව ද පැවසූහ.
උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා පැවසුවේ විසෙන් තොරව වී වගා කිරීමට කැමති ගොවීන්ට බිත්තර වී මෙන්ම අනෙකුත් පහසුකම දීමටත් එසේ වගා කරන වී රුපියල් 60ක සහතික මිලකට මිලදී ගැනීමටත් රජය සැලසුම් කර ඇති බවයි.
2025 දෙසැම්බර් මස 30
89
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වස විස නැති වී කිලෝවට රුපියල් 60 ක්
සශි Thursday, 28 April 2016 01:33 PM
ගැමුණු, තමන්ගේ නොදෙනුවත්කම ගැන කණගාටුයි. මෙවැනි හාල් 1kg දැන් කඩවල් වල විකුනන්නේ රු 200 - 300 ට. පුලූවන් අය වස විෂ නැතිව කෑම කනවා ගණන කීය වුනත් . රතන හාමුදුරුවන්ට ගොඩක් පින් , මේ වගේ දෙයක් අපේ රටේ කරගෙන යනවට.. ලෝකයේ දියුණු රටවල මේ දේවල් පටන් ගත්තේ මීට ගොඩක් කලින්... (ර)
ලසිත් Thursday, 28 April 2016 01:35 PM
අමාරුවෙන් හරි මේ වැඩේ කරගන්න පුලුවන්නම් හොදය . මුලින් විරෝධතා තිබ්බත් පස්සට හරියයි. (ර)
චන්ද්‍රසිරි සෙනෙවිරත්න Thursday, 28 April 2016 02:04 PM
හාමුදුරුවනේ වසර 50කට පෙර ආරම්භ කළ යුතුව තිබුන වැඩක් මේක. මේ ව්‍යාපාරය දෙස අප බලා සිටිනවා. (ර)
මානි Thursday, 28 April 2016 03:53 PM
මෙය සාර්ථක වේවා.(බ)
නඳුන් Thursday, 28 April 2016 04:40 PM
හොද වැඩක්. අපි සහය දෙමු. (ර)
තුෂාන් Thursday, 28 April 2016 10:38 AM
රට ගැන හිතලා හැමෝම මේක සාර්ථක කර ගන්න උදව් කලොත් ගොඩක් හොඳ ප්‍රතිපලයක් ලැබේවි. (ර)
කුමාර් (ගල්ෆ්) Thursday, 28 April 2016 10:39 AM
හොඳ වැඩක්, මේ විදියට වගාකරන සහල් වලට ලෝක වෙළඳපොලේ ඉතා හොඳ මිලක් ලැබෙනවා. (ර)
මනෝජ් Thursday, 28 April 2016 10:49 AM
මේ කරන වැඩේට ඔබ වහන්සේට පින්. මේ ආණ්ඩුව කාලය ඉවර වෙන්න කලින් මේකට නීතිත් ගෙන්නල්ල සම්මත කරගන්න. (ර)
සෙනරත් Thursday, 28 April 2016 10:50 AM
වී ටික රුපියල් 42 ට ගන්න බැරුව දගලන ආණ්ඩුව කොහොමද වී කිලෝව රුපියල් 60 ට ගන්නේ ? මේක ගොවියට දෙන තවත් ලනුවක්ද පොහොර දෙන්න බැරි නිසා ? (ර)
සකුණි Thursday, 28 April 2016 11:25 AM
වස විසෙන් තොර වී වගා කිරීමට ගන්නා උත්සාහයට අපගේ ප්‍රණාමය. (ර)
නිලානි Thursday, 28 April 2016 11:48 AM
මේ වැඩේ සාර්ථක වේවා.! (ර)
රුවන් Thursday, 28 April 2016 12:15 PM
වැඩේ සාර්ථක වේවායි හදවතින්ම පතනවා (බ)
ගැමුණු Thursday, 28 April 2016 12:41 PM
පරණ වී වර්ග වගා කලොත් අස්වැන්න අඩුවෙනවා. අක්කරයකට බුසල් 60ක් උපරිම ගනී. ඒ වගේම එතකොට දැන් ගන්න අක්කරයක අස්වැන්නෙන් භාගයයි ගන්න පුළුවන්.. මුළු ලංකාවේම මේක කලොත් හාල් වලට ලොකු ඉල්ලුමක් එනවා. හාල්වල මිල නගිනවා. අනිත් අතට හැමෝම මේ හාල්කන්න කැමති නැහැ. ලොකු අක්කර ගානක වවල විකුනගන්ඩ බැරිවුණාම ඒ වගේම ප්‍රශ්නයක් එනවා. අපේ හාල් පිටරටවල විකුනන්ඩ අමාරුයි .සෝඩා බෝතලේ කැඩුව වගේ වැඩ නොකර මේවත් කල්පනා කරලා වැඩ කලොත් හොඳයි. (ර)
චන්දන උපාලි Thursday, 28 April 2016 12:46 PM
කල යුතුව තිබුණු වැඩක්, ඔබ වහන්සේට ජාතියේ ප්‍රනාමය. (ර)
උපාලි Thursday, 28 April 2016 12:49 PM
හොඳ වැඩකට අපේ සහය. (ර)
කපුගේ Thursday, 28 April 2016 12:51 PM
සෙනරත්ගේ දැනුම, වස විස නැති හාල් කිලෝවක දැන් ගාණ දන්නවද ? ඉල්ලුම ගැන දන්නවද? වී කිලෝව 60 නොවේ 90 වට අරගෙන උනත් දෙගුනෙක ලාබෙට විකුනන්න පුළුවන්. (ර)
සේනක Thursday, 28 April 2016 01:05 PM
අපේ රතන බික්ෂුවගේ පස් වැනි ව්යාපෘතියත් සාර්ථක වී ගොවීන්ගේ අත මිට යහමින් පිරී යස ඉසුරෙන් සරු සාර වේවා! (ර)