IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


'වාසුලිය' සඟරාමය වැඩසටහන තුළින් ඔබේ ආලින්දයට එන පවිත්‍රා

2016-07-20-ent-40

සෙනසුරාදා දිනයේදී ජාතික රූපවාහිනිය තුළින් ඔබේ ආලින්දයට නිවේදිකාවක ලෙස පැමිණෙන ඇය පවිත්‍රා මදුභානි අමරසිංහය. ඇය සෙනසුරාදා දහවල් 2.00 ට ඉදිරිපත් කරන "රිදම් හිට්ස්" සේම, සෙනසුරාදා රාත්‍රී 9.00ට රූපවාහිනියේ විකාශය වන "වාසුලිය" සඟරාමය වැඩසටහනටද බොහෝ දෙනෙක් ඇලුම් කරති. මේ ඒ පිළිබඳවය.

 

මාධ්‍ය ක්ෂේත්‍රයට යොමුවීම?

2016-07-20-ent-422011 වර්ෂයෙදි තමයි මාධ්‍ය ක්ෂේත්‍රයට නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙස පැමිණෙන්නෙ. 2013 වර්ෂයේ ජාතික රූපවාහිනි අවුරුදු කුමරි තරගයේ අවසන් දහදෙනාට මම තේරුණා. පසුව මට ඒ අවුරුද්දෙම රූපවාහිනී නිවේදිකාවක් බවට පත්වෙන්නත්, නෙත් එෆ්.එම්. අවුරුදු කුමරිය බවට පත්වෙන්නත් හැකියාව ලැබුණා.

 

"වාසුලිය" සඟරාමය වැඩසටහනට නිවේදිකාවක් ලෙස දායක වීම?

මම රූපවාහිනියට සම්බන්ධවෙලා මුලින්ම කළ වැඩසටහන තමයි රවී අබේවික්‍රම මහත්තයාගේ "වාසුලිය" සඟරාමය වැඩසටහන. ඒ වසරේ රයිගම් සම්මාන උලෙළේදී හොඳම සඟරා වැඩසටහනට හිමි සම්මානය දිනාගන්න පුළුවන් වුණා.. 2014 වර්ෂයේ "රිදම් හිට්ස්" කියන සංගීත වැඩසටහන වසර දෙකක කාලයක් පුරා කරනවා. ගත වූ වසර තුනක කාලය පුරාවට "වාසුලිය" වැඩසටහනේ ප්‍රධාන නිවේදිකාව බවට මම පත්වුණා.

 

"වාසුලිය" වැඩසටහන

"වාසුලිය" වැඩසටහන නිසා මට රාජතාන්ත්‍රික මට්ටමේ ඉඳන් නිර්ධන පන්තියටම යන්න හැකියාව ලැබී තිබෙනවා. බඹ හාරසිය ගණනක් පමණ යට බෝගල මිනිරන් පතළට යන්න මට හැකියාව ලැබුණා. එවැනි අත්දැකීම් මට ලැබුණා. වාසුලිය කියන්නේ දැනුම, වින්දනය, කුසලතා වැඩි දියුණු කර ගන්න පුළුවන් සඟරාමය වැඩසටහනක්.

 

ඉදිරියේදී

ඉදිරියේදී පැවැත්වෙන රාජ්‍ය සම්මාන උලෙළටත්, සුමති සම්මාන උලෙළටත් හොඳම නිවේදිකාවට අයදුම් කරන්න රූපවාහිනිය මගේ නම යෝජනා කර තිබෙනවා. ඒක මගේ ජීවිතේ ලොකු ජයග්‍රහණනයක්. මම මේ වනවිට නීති විද්‍යාලයේ දෙවැනි වසරේ නීතිය හදාරනවා. එය නිවේදිකාවකට ලොකු පන්නරයක්. මම නිරූපිකාවක් ලෙස කටයුතු කරනවා. රංගනයට දායක වෙන්නෙ නැහැ අධ්‍යාපන කටයුතු හා අනෙකුත් කටයුතුත් නිසා. දක්ෂම නිවේදිකාව වෙන්න වගේම, දක්ෂ නීතිඥවරියක් වෙන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.

 

මතක් කළ යුතු අය?

තාත්තගේ බලාපොරෝතතුව වුණේ මම නීතිඥවරියක් වෙනවට. ඒ බලාපොරොත්තුව ඉටුකරන්න මම ප්‍ර‘වේශ වුණ නිසාම මට මේ කටයුතුවලට යොමුවෙන්න අවස්ථාව ලැබුණා. මම ආත්මතෘප්තියට නිවේදන කටයුතු කරන්නෙ. රවී අබේවික්‍රම මහත්මයා රොසෑන් ඩයස් මහත්මිය, තුෂාරී අබේසේකර සහ මගේ පවුලේ අයවත් මතක් කළ යුතුයි. රූපවාහිනියෙන් ඉවත් වෙන්න වුණත්, මම වැඩියෙන්ම ගෞරව කරන තැන ජාතික රූපවාහිනි සංස්ථාව.

 

රංගන මදුසංඛ/ඡායාරූප - මිහිර බණ්ඩාර

 

2016-07-20-ent-41



අදහස් (0)

'වාසුලිය' සඟරාමය වැඩසටහන තුළින් ඔබේ ආලින්දයට එන පවිත්‍රා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 169 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 371 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 160 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site