IMG-LOGO

විශේෂ විධි විධාන මත තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය විවෘතයි

(මනුල වික්‍රම)

ජනාධිපති  ලේකම් කාර්යාලයේ නියෝග මත තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට උදෑසන 5.30 ට විවෘත කිරීමට රජය කටයුතු කර ඇති බව වෙළඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න මහතා පැවසීය.

වෙළඳ සංගමය විසින් අද (05) ආර්ථික මධ්‍යස්ථානය  වසාදැමීමට තීරණය කරනු ලැබුව ද  එම දැනුම්දීමට   අනුව විශේෂිත ආරක්ෂක ක්‍රමවේදයන් භාවිත කරමින් හෙට (06) උදෑසන විවෘත කිරීමට  කටයුතු යොදා ඇති බව සභාපතිවරයා පැවසීය.

හෙට දිනයේදී ගොවීන්ගේ හා  සැපයුම්කරුවන්ගේ වාහන ආර්ථික මධ්‍යස්ථානයට පිටතින් නවතා තබා සංගමයට අයත් වාහන දෙකින් එළවළු තොග ඇතුළට ගැනීමට කටයුතු යොදා ඇති බවද සභාපතිවරයා කීය.

අද දිනයේ වසාදැමීමට සූදානම් වු එම මධ්‍යස්ථානය විශාල ගොවීන් පිරිසක් පැමිණීම හේතුවෙන් විවෘත කිරීමට වෙළඳ සංගමය පියවරගෙන තිබේ.

එළවළු තොග රැගෙන එන ගොවීන් 1000 ත්-1500 ත් අතර පිරිසක් තෙරපීම නිසා මීටරයක පරතරයක් පවත්වාගැනීමට නොහැකි වන බවද සභාපතිවරයා කීය.

කුමන හේතුවක් නිසා වත් සැපයුම්කරුවන්ගේ වාහන ඇතුළට නොගන්නා බැවින් ඊට සූදනානම්ව පැමිණිය යුතු  බවත් පැමිණෙන සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන බවත් වෙළඳ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 



අදහස් (0)

විශේෂ විධි විධාන මත තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 203 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site