2015 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වී ශ්‍රී ලංකාවේ මුල් 10 දෙනා අතරට පත් වු සිසුන් දෙළොස් දෙනා අද (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුහ.
සිසුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපති ඔවුනට සිය සුබ පැතුම් එක් කළේය.
ජනපති ඔවුනට මුදල් තිළිණ ද ලැප්ටොප් පරිගණක ද ප්‍රදානය කළේය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය ඇමැති වී. රාධාක්‍රිෂ්නන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්. බන්දුසේන යන මහත්වරු එක් වුහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විශිෂ්ටයෝ ජනපති හමුුවෙති
සිරි Tuesday, 23 August 2016 11:29 AM
මෙතුමා රටේ අනාගතය වෙනුවෙන් යහපත් දැක්මක් තිබෙන බව නොතේරෙන අන්ධ කොටසකුත් ලංකාවේ තවමත් ඉන්නවා.... ඒගොල්ලන්ට මේවා ඇස් වලට කටු අනිනවා වගේ ඇති.(අ)
මංජුල Wednesday, 24 August 2016 11:33 AM
අනේ මම දන්නේ නැහැ මිනිස්සු මේ තරමට වෛර කරන්නේ ඇයි කියලා. ඕවා මහින්දත් කළා (නි)
බණ්ඩාර - කැකිරාව Tuesday, 23 August 2016 11:52 AM
හොඳ වැඩක් කළවිට ඒක අගය කළයුතුය. ඔබ සැමට රටට වැඩක් කරන්න ශක්තිය ලැබේවා! (නි)
චමල් Tuesday, 23 August 2016 11:53 AM
සිරි කියන එක හරි. කාලයක් තිබුනා මගේ ළමයි විතරයි ළමයි, අනිත් අය යටත්වැසියෝ කියලා සමහරු හිතපු (නි)
අතුරා Tuesday, 23 August 2016 12:12 PM
වෙන ඒවාට බුරාගෙන අදහස් දාන උදවිය මේවට වචනයක් වත් දන්නේ නැති එක පුදුමයි. (අ)
බණ්ඩා Tuesday, 23 August 2016 12:35 PM
විභාග ප්‍රතිපල ඇවිත් මාස 5 කට පස්සේ හරි මේක කිරීම අපි අගයමු . (අ)
නිමන්ත පතිරණ Tuesday, 23 August 2016 01:05 PM
අපේක්ෂා කල සැබෑ වෙනස මෙයයි. (අ)
අනුර Tuesday, 23 August 2016 05:02 PM
පතිරණල ඉන්නේ දකුණේ කොහොමටත් පොළොන්නරුවේ නැහැනේ (රේ)
ඇලෙක්ස් Wednesday, 24 August 2016 12:10 AM
අපේ අනාගත දරු පරපුරට දිරියක් (නි)
සිල්වා Wednesday, 24 August 2016 08:56 AM
දේශපාලුවන් ඉදිරියට මෙවන් දක්ෂ ළමුන් රැගෙන ඒම ඒ ළමයින්ට කරනා අපහාසයකි (බ)
බණ්ඩාර කුවෙට් Wednesday, 24 August 2016 03:38 AM
දකුණේ උන් රටේ සල්ලි විනාස කළ දැන් ඉරිසියාවේ පැලෙනවා හොඳ දෙයට හොඳ කියන්නත් වැරදි දේ පිටුදකින්නත් රජරටින්වත් ඉගෙන ගන්න මොකද රජවරු බිහිවුණේ රජරටින් මිස අන්දරේලා ඉපදුන බිමින් නොවේ (ම)