IMG-LOGO

වව්නියාව නගරයේ ප්‍රධාන මාර්ග තුනක් වහයි

(රොමේෂ් මධුෂංඛ)

                 

කොරෝනා  වෛරසය ආසාදිතයින් සැරිසැරීමක් හේතුවෙන් වව්නියාව නගරයේ පිහිටි ප්‍රධාන මාර්ග 3 ක් වසා එහි වෙළඳසැල්හි වෙළඳුන් සහ සේවකයින් හදීසි පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කර තිබේ.

වෙළඳසැල් දෙකක් අද (06) දින වසා දැමීමටද පියවර ගත් බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි.


මේ අනුව වව්නියාව නගරයේ පිහිටි බසාර් වීදිය, ධර්මලිංගම් වීදිය, මාර්කට් වීදිය වසා දමා ඇත.


වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේ කොරෝණා ආසාදිත පිරිස් අදාල වෙළඳැසැල්හි සැරිසරා ඇති බවටත් ඊට අමතරව වෛරසය ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් අදාල මාර්ග තුනේ පිහිටි වෙළඳසැල්හි සැරිසරන බවට තොරතුරු ලැබීමත් සමග සෞඛ්‍ය නිලධාරීන් , පොලීසිය හා යුදහමුදාව එක්ව මෙම පියවර ගනු ලැබීය.

වව්නියාව පට්ටානිචූර් ගම්මානයේ පසුගිය දින තුනක කාලය තුලදී කොරෝණා වෛරසය ආසාතියින් 7 දෙනෙකු එක වරම වාර් ථා වීමත් සමග ආසාදිතයින් වව්නියාව නගරයේ සැරිසරා තිබීමත් හේතුවෙන් සෞඛ්‍ය නිලධාරීන් සහ පොලීසිය සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් සිටියි.

එමෙන්ම පට්ටානිචූර් කොරෝණා ආසාදිතයින් ඇසුරු කරන ලද වෙළෙඳසැල්හි හිමිකරුවන් සහ සේවකයින් නිරෝධායනය කිරීමටද සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.



අදහස් (0)

වව්නියාව නගරයේ ප්‍රධාන මාර්ග තුනක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site