(සිතුම් චතුරංග)
කොවිඩ් - 19 වයිරසය ආසාදිත ගැබිණි කාන්තාවක හා කිලිනොච්චිය ඉංජිනේරුපීඨයේ සිසුවෙකු හදුනාගැනීමත් සමඟ වවුනියාව පට්ටාන්චූර් ගම්මානයේ කොටසක් නැවත දැනුම්දෙනතුරු අද(04) උදෑසන සිට හුදකලා කිරීමට පියවරගත් බව වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පසුගියදා උණ රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව මහරෝහලට ඇතුළුවු ගැබිණි කාන්තාවකගෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී හදුනාගෙන ඇති අතර පසුව ඇගේ නිවසෙහි පුද්ගලයින්ගෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඉංජිනේරු පීඨ සිසුවා කොවිඩ් 19 වෛරසය ආසාදනයවී සිටියදී හදුනාගත් බව පැවසීය.
ආසාදිතයින් හදුනාගැනීමත් සමඟ ඔවුන් ඇසුරුකළ පුද්ගලයින් හා නිවාස ඇතුළු ස්ථාන රැසක් නිරෝධායනයටලක්කල බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේය.
අදාල කාන්තාව ප්‍රදේශයේ ස්ථාන රැසක සැරිසැරීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හුදකළා කිරීමට පියවරගත් බවද කීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් පැවසූයේ ගැබිණි කාන්තාවට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූයේ කෙසේද යන්න මෙතෙක් සොයාගැනීමට නොහැකිවූ බවත්ය.
ආසාදිත කාන්තාව යාපනය ශික්ෂණ රෝහලේ කොවිඩ් 19 වෛරස ප්‍රතිකාර එකකය වෙත ඇතුලත් කිරීමට නියමිතව සිටියහ.
පට්ටාන්චූර් ගම්මානය හුදකලා කිරීම පිළිබඳ නොදන්නා ගම්වැසියන් විශාල පිරිසක් දෛණික කටයුතු සඳහා ප්‍රදේශයෙන් පිටවීමට උත්සහ කළ අතර එම පිරිස් පොලිසිය අවවාද කිරීමෙන් අනතුරුව නැවත නිවෙස්වෙත හරවායවනු ලැබීය.
පට්ටාන්චූර් ගම්මානයේ හා වෛරස ආසාදිත කාන්තාව හා ඉංජිනේරුපීඨ සිසුවා සමඟ සබඳතා පැවැත්වූ තවත් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකිරීම ආරම්භකළ බවද වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වවිනියාවේ ගම්මානයක කොටසක් හුදකලා කරයි