ශ්රී ලංකා මේස පන්දු සංගමය සහ බස්නාහිර පළාත් මේස පන්දු සංගමය එක්ව සංවිධානය කළ සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේස පන්දු තරගාවලියේදී ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සමත්විය. තරගාවලිය ඉකුත්දා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.
තරගාවලියේ වයස 18 න් පහළ බාලක ශූරතාව දිනාගත් උදය එම වයස් කාණ්ඩයේ මිශ‍්‍ර යුගළ ඉසව්වේද ශූරතාව දිනා ගත්තේය. උදය වයස 15 න් පහළ (බාලක) ශූරතාව දිනා ගනිමින් ශූරතා ත‍්‍රිත්වයකට හිමිකම් කීවේය. ඔහු 18 න් පහළ වයස් කාණ්ඩයේ යුගළ ඉසව්වේ අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා පිලට ද ඇතුළත්විය.
උමායා තරුකී සහ එරන්දි වරුසවිතාන අතර පැවැති වයස 18 න් පහළ බාලිකා අවසන් මහා තරගයෙන් උමායා තාරුකී තරග වට 3/2 ක ජයක් ලබා ගත්තාය. එරන්දි සහ උමායා මෙම තරගාවලියෙන් පසුව චීනයේදී පැවැත්වෙන ආසියානු මේසපන්දු තරගාවලියට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියහ.
තරගාවලියට වයස් කාණ්ඩවලින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 400 කට ආසන්න පිරිසක් සහභාගිවුහ.
අවසන් තරග ප‍්‍රතිඵල:
18 න් පහළ (බාලක)
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ) විසින් නුවන්ත නිරෝෂණ (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (6/11, 14/12, 11/8, 11/7)
18 න් පහළ (බාලිකා)
උමායා තාරුකී (අම්බලන්ගොඩ ධර්මාශෝක) විසින් එරන්දි වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක* පරාජය කරන ලදී. (11/13, 7/11, 11/3, 11/4, 11/7)
18 න් පහළ (බාලක, යුගළ ඉසව්ව)
චින්තක ඒකනායක සහ තිළිණ විජේසිරි (මහනුවර විද්‍යාර්ථ* විසින් උදය රණසිංහ සහ ක‍්‍රිෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ) පරාජය කරන ලදී. (9/11, 11/6, 10/12, 11/6, 11/6)
18 න් පහළ (බාලිකා, යුගළ ඉසව්ව)
කසුනි පිටිගල සහ නදුනි සුරසිංහ (ගාල්ල සවුත්ලන්ඞ්) විසින් එරන්දි වරුසවිතාන සහ ටී.තුෂාරා (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (13/11, 11/8, 8/11, 11/8)
18 න් පහළ (මිශ‍්‍ර යුගළ ඉසව්ව)
උදය රණසිංහ (විද්‍යාර්ථ) සහ චන්දිමා මධුෂානී (මහනුවර මහමායා) විසින් ප‍්‍රසාද් ජේ.ද සිල්වා (විද්‍යාර්ථ) සහ බුද්ධීපනී රාජගුරු (කුරුණෑගල මලියදේව) පරාජය කරන ලදී. (11/7, 11/9, 13/11)
15 න් පහළ (බාලක)
උදය රණසිංහ (විද්‍යාර්ථ) විසින් නුවන්ත නිරෝෂණ (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (16/14, 11/7, 11/7)
15 න් පහළ (බාලිකා)
රුවිනි කන්නන්ගර (මියුසියස්) විසින් කාවින්ද්‍යා ශිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (12/10, 11/8, 11/9)
12 න් පහළ (බාලක)
දිසන්ක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ) විසින් චමෝද් සන්දීප (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (11/5, 11/6, 13/11)
12 න් පහළ (බාලිකා)
හංසනී පියුමාලි (නුගේගොඩ අනුලා) විසින් ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (12/10, 11/6, 9/11, 11/5)
10 න් පහළ (බාලක)
විරෝන් ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක) විසින් හිරුණ වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (14/16, 11/9, 11/4, 11/8)
10 න් පහළ (බාලිකා)
ඞී.එච්.කොළඹගේ (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී) විසින් අෂිකා සත්සරණී (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (9/11, 17/15, 11/9, 11/6)
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේදී උදයට ශූරතා 3 ක්