
(ප්‍රසාද් රුක්මල්)
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි .
පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ මෙසේ කිසිවකු විසින් රක්ෂිතයට ගිනිතැබීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවත් , බදුල්ල එලදලුව යුදහමුදා කදවුරේ නිලධාරීන් ,ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආරක්ශක අංශයේ නිලධාරීන් , ගිනිනිවිම් ඒකකය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ වනසංරක්ෂණ නිලධාරීන් එක්ව කොලඅතු, ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩැලීමට කටයුතු කළ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා සදහන් කළේය .
ගින්න හටගත් අවස්ථාවේ එම රක්ෂිතය හරහා විදුලි රැහන් ඇද තිබූ ලී විදුලි කනු කීපයක් විදුලි බල මංඩලයේ සේවකයන් එක්වී මහත් පරිශ්‍රමයක් දරා බේරාගත් බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
767
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්