IMG-LOGO

වරායේ ඝාතනයකට වසර හයකට පසු වැඩ සහායක අල්ලයි

ඝාතනයට ලක්වූ චමිල් නුවන් ජයතිලක


(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වරාය අධිකාරියේ සේවකයන්ගේ විවේකාගාරය තුළදී මීට වසර 6කට ඉහතදී කොළඹ  පෙට්රල් දමා ගිනි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ සහයකවරයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුනේ කැලණිය ගොනවල වැල්ල වීදිය පාර පදිංචිව සිටි වරාය අධිකාරියේ වැඩ සහයකයකු ලෙස කටයුතු කරන චමිල් නුවන් ජයතිලක (31) නමැති තිදරු පියෙකි. 

ඝාතනය වූ අවස්ථාවේ සැකකරු හැඳ සිටි සරමේ ගැල් වි තිබූ පෙට්රල් හා ඇතුළු හේතු කිහිපයක් මුල් කරගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

2016 දෙසැම්බර් 8 වැනි දින අලුයම් කාලයේ කොළඹ වරායේ ජේ සි ටි අංක 1 සහ 2 සුළු සේවකයන්ගේ විවේකාගාරය තුළ හටගත් ගින්නකින් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක හය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව අපරාධ ස්ථානයේ තිබී සොයාගන්නා ලද පෙට්‍රල් සාම්පලය ට සමාන පෙට්රල් සාම්පලයක් මරණකරු නිදා සිටි කාමරයේ සිටින ලද සැකකරු හැඳ සිටි සරම තිබූ බවට රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවේද සඳහන් කර ඇතැයි එම නිලධාරියා කීය.

 



අදහස් (1)

වරායේ ඝාතනයකට වසර හයකට පසු වැඩ සහායක අල්ලයි

Bunny Preena Thursday, 23 March 2023 08:41 AM

වසර හයක් කියන්නෙ සුලුපටු කාලයක් නෙමෙයි. පොලීසියෙ දුර්වල කමද ? එහෙමත් නැතිනම් දේශපාලන අත පෙවීමක්ද ??

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 275 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site