IMG-LOGO

'වීරවර්ණ' ඔස්සේ සිනමාවට පිවිසි 'මල්ෂි'

2016-08-16-ent-22

"වීරවර්ණ" ඔස්සේ සිනමාවට පිවිසී ඇය ඇගේ පළමු නිර්මාණයේ දැක්වූ රංගන කෞශල්‍යයෙන් වේදිකාවද දිග්විජය කරමින් සිටින්නීය. දඟකාර, හැඩකාර රූ සපුවකින් හෙබී ඇය තවමත් සිප් සතර හදරමින් සිටින්නීය. මල්ෂි මද්දුමගේ නම් වන ඇය, "සාරවිට" ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.

 

ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

2016-08-16-ent-27මගේ නම මල්ෂි මද්දුමගේ. ඉන්නේ මහරගම. දැනට අධ්‍යාපන කටයුතු සමග කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා

 

කලාව පැත්තෙන් මොන දේ සඳහාද සම්බන්ධ වෙලා තියෙන්නේ?

ශාහිරු රණසිංහයන්ගේ "වීර වර්ණ" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සම්බන්ධ වුණා. සුගත් සමරකෝන් මහත්මයාගේ "දේශපාලුවා" වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණ පෙව්වා. ඒ වගේම මේ දිනවල තවත් වේදිකා නාට්‍යකටයත් පුහුණුවීම් කෙරෙනවා.

 

ඒ කියන්නේ දැන් වෘත්තීමය මට්ටමෙන් රංගන ශිල්පිනියක්ද?

මං හිතන්නෙ නව පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වන්න පුළුවන්.

 

මේ වනවිට දායක වෙලා තියෙන වේදිකා නාට්‍යය ගැන කිව්වොත්?

දැනට "දේශපාලුවා" වේදිකා නාට්‍ය සඳහා පමණයි දායක වෙලා තියෙන්නේ. ඉදිරියේදී තව වේදිකා නාට්‍ය දෙකක වේදිකා ගත වෙන්න නියමිතයි.

 

කලාවෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තු වෙන්නේ?

ඉදිරියේදී හොඳ නිර්මාණවලට දායක වෙමින් වෘත්තීමය රංගන ශිල්පිනියක් වීමට බලාපොරොත්තුවක් තිබෙනවා. සමහර විට තවත් රැකියාවක් සඳහා අවස්ථානුකූලව සම්බන්ධ වෙයි.

 

ඉදිරි කලා කටයුතු ගැන කිව්වොත්?

ඉදිරි කටයුතු ගැන කිව්වොත් තවත් අලුත් වේදිකා නාට්‍යයක් පුහුණවීමවල නිරත වෙනවා. ඒ වගේම ඉදිරියේදී ලැබෙන හොඳ නිර්මාණ සඳහා දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

වේදිකාවට පමණක් සීමා වෙන්න අදහසක් නැද්ද?

කොහෙත්ම නැහැ. සිනමාව, වේදිකාව සහ ටෙලි නාට්‍ය යන අංශ තුනෙන්ම ඉදිරියට යන්න මම කැමතියි.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

මට ලොකු සහයක් දෙමවුපියන්ගෙන් ලැබෙනවා. විශේෂයෙන් මතක් කළ යුතුයි %වීරවර්ණ^ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ශාහිරු රණසිංහයන්. නිෂ්පාදනයෙන් දායක වුණු අජිත් නිශාන්ත, නිලන්ත ගුණවර්ධන යන අයත් එහි ප්‍රවීණ ශිල්පීන් ඇතුළු මුලු කණ්ඩායමත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප - කවීත් මිලින්ද

2016-08-16-ent-26
2016-08-16-ent-25
2016-08-16-ent-24
2016-08-16-ent-23
2016-08-16-ent-21



අදහස් (0)

'වීරවර්ණ' ඔස්සේ සිනමාවට පිවිසි 'මල්ෂි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site