IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


වැරදි පාරේ යන නිලධාරීන්ට මැයි මාසෙන් පසු තදින් නීති පියවර

(අංජුල මහික වීරරත්න)

අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින් නිලධාරී යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 

ඒ නිවැරදි මගට පිවිසීම සඳහා  මාස හයක කාලයක්  ලබා දී ඇති බව කී ජනාධිපතිවරයා  නිලධාරී යාන්ත්‍රණය නිවැරැදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව පැවසීය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (09) පැවති  "ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029" එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ ගෞරවය හා වටිනාකම් විනාශ කරමින් අල්ලස හා දූෂණය රජ වී ඇති බව කී ජනාධිපතිවරයා  වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය මාස හය තුළ රාජ්‍ය සේවයේ කිසිදු ස්ථානයක් බිඳ වැටීමට ඉඩ නොතැබූ බව කීය.

 නිලධාරී යාන්ත්‍රණය වෙනස් වීමට තවදුරටත් සූදානම් නොවන්නේ නම් මෙම මැයි මාසයෙන් පසු එම නිලධාරීන් වෙනස් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.



අදහස් (13)

වැරදි පාරේ යන නිලධාරීන්ට මැයි මාසෙන් පසු තදින් නීති පියවර

ජයනාත් Wednesday, 09 April 2025 03:25 PM

ඉතාමත් හොඳ වැඩක්

:       0       45

පිටරටවැසියා Wednesday, 09 April 2025 03:29 PM

මාස හයක් නෙමෙයි, පැය හයක්වත් දෙන්න ඕනෑ නෑ. රටේ බහුතරයක් තක්කඩි හොරුන්ව ගෙදර ඇරලා මේ රජය පත්කරගත්තේ එහෙම කාල-වකවානු දෙන්න නෙමෙයි.

:       0       42

පිටරැටියා Wednesday, 09 April 2025 03:40 PM

නිතී ගරුක ශිෂ්ඨ සම්පන්න රටක් ඇතිවීමට නම් හොරකම්, වන්චා, දූෂණ තුරන් කළ යුතුමයි. මෙතෙක් අපේ රටේ පැවැතියේ ජනතාව රවට්ටපු බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ, මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ වලින් බඩ වඩා ගත්තු එක... පරම්පරා ගාණකට ඇති වෙන්න හරිහම්බ කරගත්තු එක.. රටම හොරාකාලා විනාශ කරපු එක...

:       6       31

කම්මුතුWednesday, 09 April 2025 04:02 PM

දේශපාලකයාට වඩා පරිපාලන සේවයේ එවුං කරන වැඩ මාර භයානකයි.මිනිස්සු ඒ ගැන දන්නෙ නැහැ. මිනිස්සු නතරම බනින්නෙ දේශපාලකයින්ට මේරට විනාශ කලේ පරිපාලන සේවයේ නිලධාරීන් කියලයි මට නම් හිතෙන්නෙ

:       0       44

අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Wednesday, 09 April 2025 03:40 PM

වසර 13 ක් මට තාම මගේ වැටුප් දෙන්නේ නැහැ. මම ගරැ අභියාචනාධිකරණයේ පවරපු නඩුවෙන් පවා තීරන්දු කර තිබෙනා මගේ සේවය නතරත කිරිම බරපතළ අපරාධයක් කියල. ඒක දිග කථාවක්. මට මගේ වැුප් ලබාදිය යුතුයි. නඩුවේ වගඋත්තරකරුවන් එකිනෙදා එකතු වෙලා එකිනෙකාට ලියුං ලිය ලිය ඉන්වවා මිසක මගේ කැටලුව විසදා දී සැහැ. රජයේ නිලධාරීන් විශුාම ගියත් නඩා පවරන්න පුලුවන් තත්ත්වයකට නීතිය සකස් කල යුතුයි මේ පනක මම හොදින් අධ්‍යයනය කලා. දකුණේ ආණ්ඩුකාරයරයා පත්කරපු කොමිසම පැත්තකට දමල පුධාන ලේකම් හිතුමතේට වෙනත් කොමිටියක් පත්කරල මගේ හිග වැටුප ලබානොදෙන්න කටයුතු කර තිබෙනවා. මම ජනාධිපතිතුමාටත් අගමැතිතුමියටත් අල්ලස් කොමිසමටත් විගණකාධිපතිටත් ආණ්ඩුකාරවරයාටත් පැමිණිලි කරලයි තියෙන්නේ. ජනාධිපතිතුමා දැන් දෙතුන් වතාවක් මේ ගැන ආණ්ඩුකාරයාටත් කිනයල තියෙනවා.ඒ වගේම අගමැතිනියත් කෝ ගත්ත පියවරක් නැහැ. මම කැමතියි ඕනෑම පරීක්ෂනයට මුහුණ දෙන්න. ඒකයි මම මගේ නමින්ම මේව ලියන්නෙ. දකුණේ පරිපාලනය ඉතා දූෂිතයි.

:       0       1

කපුරුහාමි Wednesday, 09 April 2025 03:52 PM

රටේ යුක්තිය නීතිය සාධාරනය කාටත් පොදුයි .පහුගිය කාලේ අදිකරණය පවා දේසපාලණීකරණය වෙලා තිබුනේ. දේසපාලුවන්ට එක නීතියක්ජ නතාවට වෙනම නීතීයක් පැවතුනේ.අද ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා .රට බන්කොලොත් කරන්ඩ දායක වෙච්චි හැම දූෂිත දේසපාලුවෙකුටම නීතීයෙන් උපරිම දඩුවම් ලබාදිය යුතුයි .

:       5       27

de silva Wednesday, 09 April 2025 04:38 PM

ඕක ලබන මාසේ ඉඳන් කරන්න තිබෙන දෙයක් නොවේ. ජනවාරි සිටම පටන්ගන්න තිබුණු වැඩක්.., හරි ලබන මාසේ ඉඳන් ක්‍රියාත්මක වෙනවා කියමුකෝ... කුමක්ද ඔබ ඒ සඳහා සකස් කළ සැලසුම්? නිකන් කටින් කියපු පලියට ඕවා සිද්ධ වෙන්නේ නැහැ. සැලසුම් අවශ්‍ය වෙනවා, අපි පුංචි කාලේ හිටිය ප්‍රේමදාස කියලා ජනාධිපති කෙනෙක්..., මිනිහා යමක් කියන්නේ හොඳට සැලසුම් කරලා හිතලා, යමක් කරනවා කිවොත් හොඳින් හෝ නරකින් අනිවාර්යයෙන් කරනවා. අපි පොඩි කාලේ පාසල් බස් එකක් දුම්රියේ ගැටිලා විශාල අනතුරක් අහුන්ගල්ලේ සිදු වුණු රටම කම්පා වුණ, පැය 24 යනකොට රටේම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු වලට උණබම්බු ගේට්ටු දැම්මා. අන්න ක්‍රියාශීලි මිනිස්සු, මිනිහා ලොකුවට කයියත් ගැහුවා. නමුත් උදේ 4 ඉඳන් රාත්‍රී 10 දක්වා වැඩ, මිනිහා ළඟ කාර්යක්ෂම නිලධාරී සෙට් එකකුත් හිටියා...

:       17       16

ටයරසෑපුත්‍ර Wednesday, 09 April 2025 07:10 PM

එයා ළඟ තව කාර්යක්ෂම කට්ටියක් හිටියා 60,000 කට වගකියපු. ඒ වුණාට මල්වට්ටිය අතේමයි. පුෂ්පකුමාර කිව්වේ නිකමට නොවේ.

:       0       0

බටලන්දේ ප්‍රේමලතා Wednesday, 09 April 2025 04:40 PM

මැක්ස්, යෝගා ගුණරත්න තඹුත්තේගම සහ අනික් නම් අයිති එක්කෙනා මොනවත් කියන්නෑ. හේතුව එයාගේ වීරයෝ හොරකම් ප්‍රවර්ධනය කරපු හින්දා...!

:       3       25

Ranfer Wednesday, 09 April 2025 04:50 PM

තවත් ඡන්ද පොරොන්දුවක්...

:       19       7

එස්. පී. කේ. අම්බුළුවාවWednesday, 09 April 2025 05:56 PM

ඉෂ්ඨ කෙරුවා නේද?

:       0       15

R.T sarath Wednesday, 09 April 2025 06:07 PM

ඕවා දැනට මාස 6-7 ක සිට කරන නිකම් පුස් තර්ජන පමණක් බව නිලධාරීන් දන්නවා. නිලධාරීන් වැඩ කරන්නේ ඔවුන්ට වුවමනා ලෙස පමණක් බව රජයේ කාර්යාලයකට යන ඕනෑම මනුස්සයෙකුට පෙනෙනවා පගාව ගැසීම ඉතා සීග්‍රයෙන් සිදුවන බව පෙනෙනවා. නිසි වැඩ පිළිවෙලක් නොමැතිව, තර්ජනය කරලා පමණක්, අල්ලස දූෂණය නැති කරන්න බැහැ.

:       13       7

ලක්මව් ඛන්නාWednesday, 09 April 2025 08:12 PM

ආයෙත් අහල, අපි අපේ කාලේ ඒ අයට ආදර්ශයෙන් ඉගැන්නුවේ. ආයෙත් රට ඉල්ලන්නේ අපි දෙගොල්ලන්ටම සතුටින් ඉන්න.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 702 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 189 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 82 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 713 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 569 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 198 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site