(සමන් පාලිත නානායක්කාර)
ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා අද 30 බණ්ඩාරවෙල බදුල්ල මාර්ගය බණ්ඩාරවෙල නගරය ආසන්නයේදී හරස් කර රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතාවක නිරත වී සිටිති.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද බණ්ඩාරවෙල ක්‍රීඩා පිටිය විවෘත කිරීමට පැමිණීමට නියමිතය සිටියද ජනතා විරෝධය මධ්‍යයේ ඇමතිවරයා ක්‍රීඩාපිටිය විවෘත කිරීමේ අවස්ථාවට නොපැමිණියේය.
බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා ඇති වී තිබේ.
මාර්ගය අවහිර වන පරිදි වාහන නතර කර තැබීමට කටයුතු කළ විරෝධතා කරුවෝ ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කරති.
බණ්ඩාරවෙල පොලීසිය පිරිස විසුරුවා හැරීමට කටයුතු කරමින් සිටිති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විරෝදයක් නිසා ඇමැති නාමල් පාර වෙනස් කරයි
සිරි Wednesday, 30 March 2022 03:37 PM
ජයවේවා...! ජනතා බලවේගයට ජයවේවා...!
BamunuarachchiWednesday, 30 March 2022 05:26 PM
ඔයිට වඩා කරන්න ගියොත් ටයර් වලට අපේ පරණ ටයර් දෙන්න වෙනවා...
pakeer Wednesday, 30 March 2022 03:56 PM
කිසිම ලැජ්ජාවක් නැහැ. මෙච්චර මේ දෙයක් වෙලත්, ඇවිත් මොනවා විවෘත කරන්නද?
Ranji Wednesday, 30 March 2022 05:21 PM
යුව රජුටත් මෙහෙම නම් අපට කියන්න තියෙන්නේ "කමින් කලර් නෝ ගුඩ්" කියලා තමයි.
Palitha Rathnayaka Wednesday, 30 March 2022 06:11 PM
ඉදිරියේදී හූ කියල අවසන් කරයිද? පාර්ලිමේන්තුව වටලයිද? ජනතාව කිපිලා ඉන්නේ.
Margtòm Wednesday, 30 March 2022 06:15 PM
බණ්ඩාරවෙල ජනතාවට අපගේ ප්‍රණාමය...!
සමිත හිමි කුරුණෑගල Wednesday, 30 March 2022 07:13 PM
රාජපක්ෂවරුන් ආණ්ඩු කළා ඇති. දැන් ගෙදර යන්න.
රාජපක්ෂ මරුවා Thursday, 31 March 2022 09:33 AM
ඇයි දැන් නාමල් කියලා ලොකුද කව්රු ආවත් අදාල නෑ එන හැමෝටම මේක තමා වෙන්නේ