IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වෙරුගල් කැලයෙන් ඉපැරණි ලෙන් හමුවෙයි

නැගෙනහිර පළාතේ වෙරුගල් හෙවත් ඊච්චලම්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහ කැලෑවකින් කටාරම් කෙටූ බ්‍රාහ්මීය අක‍ෂර සහිත ගල්ලෙන් කිහිපයක් දින කිහිපයකට පෙර සොයාගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මිනිස් වාසයෙන් තොර ප්‍රදේශයක මෙම කටාරම් සහිත ගල්ලෙන් පිහිටා ඇති බව පවසන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදී ක්‍රියා සමයේ ඒවායේ ගිනි මෙලවීම් ආදිය සිදු කර ඇති බවට ලක‍ෂණ ඇතැයි ද පවසයි. අවට ගම්වල වැසියන් මේ අවට ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් පවතින නිසා මේවායේ ආරක‍ෂාව වහාම සැලසිය යුතුව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මෙම ගල්ලෙන් බෞද්ධ ආරාම විය හැකි බවට සැක කෙරේ. මහරහතන් වහන්සේලා හෝ බෞද්ධ භික‍ෂුන් වහන්සේලා එහි වැඩ වසන්නට ඇතැයි සිතිය හැකි සාධක ඇති බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

725-001A[1] 725-002A[1] 725-003A[1] 725-004A[1]



අදහස් (0)

වෙරුගල් කැලයෙන් ඉපැරණි ලෙන් හමුවෙයි

රොෂේන්- රියාද් Monday, 25 July 2016 05:54 AM

රිෂාඩ් බදුර්දීන්ට එහෙම කියන්ඩ එපා පාලු ඉඩම් තියනව කියල. ඇවිත් ගෙවල් හදයි (බ)

:       0       0

වසන්ත Monday, 25 July 2016 06:05 AM

ලංකාවේ ඉපැරණි බෞද්ධ උරුමය රැක ගැනීමට රජයවත් මිනිසුන්ටවත් වුවමනාවක් නැහැ. බොහෝ සුළු පිරිසක් විතරයි මේ ගැන හිතන්නේ (බ)

:       0       0

ඇන්ජලෝ Monday, 25 July 2016 06:31 AM

දෙවියනේ! දකිනකොටත් ආසයි. අනේ මට මේවා බලන්න යන්න ඇත්නම්.. (නි)

:       0       0

මරික්කාර් Monday, 25 July 2016 07:44 AM

ප්‍රථමයෙන්ම අපි මානවයාට දියයුතු තැන ගැන වටහාගත යුතුයි නේද? (නි)

:       0       0

සඳුන් Monday, 25 July 2016 09:07 AM

මේ පුරාවිද්‍යා ස්ථාන රැක ගන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 184 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 391 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site