IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


වන්දනාවේ යන බව පවසා දේශපාලන රැස්වීමකට ගෙන ගියා යැයි පැමිණිල්ලක්

(විනීතා එම් ගමගේ)


වන්දනාවක රැගෙන යන බව කියමින් අනුරාධපුරයට කැඳවාගෙන ගොස් එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමකට සහභාගි කරගත්තේ යැයි කියමින් ඇල්පිටියේ වැඩිහිටි සමිතියක සාමාජික  පිරිසක්  මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මධ්‍යස්ථානයට පැමිණිලි කර ඇත.

ඇල්පිටිය ප‍්‍රදේශයේ වැඩිහිටි සමිති කිහිපයකට අයත් සාමාජික සාමාජිකාවන් මෙසේ අනුරාධපුරයට ගෙන ගොස් ඇතැයි ද දෙදින වන්දනා ගමනක් බව කියමින් ඉකුත් පළමු වැනිදා බස්රථ 12 කින්  අනුරාධපුරයට  කැඳවාගෙන ගෙන ගිය බව ද ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් ව ඇතැයි  මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.

පළමු වැනිදා පෙරවරුවේ රුවන්වැලි සෑය වන්දනා කිරීමට අවස්ථාව ලබා දුන් බවත් පසුව දේශපාලන රැස්වීමකට සහභාගි කරවූ බවත් ඔවුන් විසින් කළ පැමිණිල්ලේ සදහන්ව ඇති බවත් ඒ පිළිබදව සොයා බලා සිද්ධිය සත්‍ය යැයි තහවුරු කර ගත් බවත් ගජනායක මහතා කීය.

එම වන්දනා ගමනේ අනුරාධපුරයට ගිය පසු රෝගාතුර වූ 73 හැවිරිදි මවක් එහි දී රෝහල් ගත කර දින පහකට පසු යළි ඇල්පිටිය නිවසට පැමිණි බවත් ඇය ද මෙම වන්දනාගමනට සහභාගි වූ අයෙකු බවට ඇගේ දියණිය දිවුරුම් පෙත්සමක් මගින් සනාථ කර ඇති අතර අදාල රෝහල් ඇද හිස්පත් වාර්තා ගෙන්වාගෙන එය තහවුරු කර ගත් බවත් හෙතෙම සදහන් කළේය.

තම රෝගී මව අනුරාධපුර රෝහලේ සිට ඇල්පිටිය නිවසට යළි කැදවාගෙන ආවේ එම ගමන සංවිධානය කළ පිරිස් විසින් යැයි ද ඇගේ දිවුරුම් පෙත්සමෙහි සදහන් ව ඇතැයි ද ඔහු කියා සිටියේය. 

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ  අපේක්ෂකයෙක් විසින් මෙම  වන්දනාගමන සංවිධානය කර ඇතැයි  නිරික්ෂණය කළ බව ද ගජනායක මහතා කියා සිටියේය.

තණබද්දේගම, කැටපොල, හිඹුටුගොඩ අල්පිටිය හා කුරුදුගහ හැතැප්ම යන වැඩිහිටි සමිතිවල සාමාජික සාමාජිකාවෝ මෙසේ  වන්දනාවේ ගෙන ගොස් ඇති අතර කුරුදුගහ හැතැප්ම වැඩිහිටි සමිතියේ සාමාජික සාමාජිකාවෝ මේ පිළිබදව මැතිවරණ ප‍්‍රචණ්ඩ  ක‍්‍රියා නිරික්ෂණ මධයස්ථානයට පැමිණිලි කර ඇත.

මේ අතර වැලිපැන්න ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයකු විසින් කලූතර අපේක්ෂා වැඩිහිටි සමිතියේ සාමාජිකයන් 50 දෙනෙකු වන්දනාවේ ගෙන ගිය සිද්ධියක් පිළිබදව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සදහා වැය කර ඇති ලක්ෂ එක හමාරක පමණ මුදල රජයේ මුදල් බවට සැක කරන අතර ඒ පිළිබද තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සදහන් කළේය.

මෙසේ තහවරු කරගත් සිද්ධීන් පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බව ද ගජනායක මහතා කියා සිටියේය.



අදහස් (21)

වන්දනාවේ යන බව පවසා දේශපාලන රැස්වීමකට ගෙන ගියා යැයි පැමිණිල්ලක්

Yapa Wednesday, 09 October 2019 04:55 PM

අනේද කියන්නේ..? මේවට මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ.. නමින් නම් යහපාලනේ.. මේ අයට කතා කරන අයත් කතා කරන්නෙ නිකන් සෝවාන් වෙලා වගේ.. අනුන්ගේ ඇහේ තියෙන පොල් ඉරටු දකිනවා. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාල පේන්නේ නෑ..

:       424       627

athuraThursday, 10 October 2019 05:48 AM

සජිත්ගේ ඡන්ද රැස්වීමක් අනුරාධපුරේ තිබ්බේ කවද්ද? මට දන්නවා නම් කියන්න යාපා මහත්මයා. මොකද අපි දන්නා විදිහට සජිත් තාම අනුරාධපුරේට ගියේ නැත.

:       249       128

NishanThursday, 10 October 2019 06:49 AM

මෙය ඇත්තටම වන්දනා ගමනක් වෙන්න ඇති. දැන් පොහොට්ටුවේ අය වෙනත් යමක් උලුප්පලා පෙන්වන්න හදනවා වගෙයි වයසක මිනිස්සුන්ව රවටලා.

:       186       79

mihira Wednesday, 09 October 2019 05:31 PM

මේ අයට විලිලැජ්ජාව නැති හැටියක් ... ඔන්න සෙනඟ ගේන හෙටි..

:       146       230

CHANDIMA Wednesday, 09 October 2019 06:35 PM

ඕකට කලබල වෙන්න එපා... දැන් ඔය පහුගිය අවුරුදු හැත්තෑ එකේම අපිව වන්දනාවේ එක්කගෙන යනවා කියලා රවට්ටගෙන අපිටම තට්ටු කරන්නේ. ඕක මොකක්ද? එහෙට මෙහෙට ආඩපාලි තියතිය වැඩක් නැහැ. මේ පාරවත් මොලේ කල්පනා කරලා ඡන්දෙ දෙන්න. මේ තරම් වැඩිහිටියෝ වෙනකල් මොලේ කල්පනාකරලා පහුගිය ඡන්ද වලදී ඡන්ද පාවිච්චි කළා නම් අද මෙහෙම රැවටෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ රැවටිල්ලට තමනුත් වැරදි කාරයන්...

:       82       591

ranasingheWednesday, 09 October 2019 08:57 PM

අවුරුදු 71 සටන් පාඨය දැන් විකිණී අවසන්. හැමෝම පාවිච්චි කරනවා අලුත් සටන් පාඨයක් හොයාගන්න බුද්ධිමය දේපල පනත යටතේ ලියාපදිංචි කරලා

:       41       125

SenanayakeThursday, 10 October 2019 01:20 AM

චන්දිම ඔබ හරි. බැන බැන ඉදලා වැඩක් නැහැ. මෙදා පාර හරි දේ කරමු. හැබැයි හරි දේ කියන්නේ ගෝටාභය හෝ සජිත් නොවෙයි

:       5       643

MaheeThursday, 10 October 2019 02:37 AM

ඔබ හරි... අවුරුදු 70 ක් අපිව වන්දනාවේ එක්ක ගියා විතරක් නෙමෙයි, යන ගමන් පුන්නක්කු, තණකොළ හොඳට අනුභව කරන්නත් දුන්නා. ඒ පිනෙන් ගවපාලකයන් හොඳට සැප වින්දා. අපේ දේපල මංකොල්ල කෑවා. හැබැයි අපි, හරි සන්තෝසයෙන් අදත් කරන්නේ, 'අනේ ෂෝක් ප්‍රජාතන්තරේ' කිය කියා ඒ තණකොළ පුන්නක්කු ටික වමාරා කමින්, ගවපල්ලන් ටිකත් නග්ගගෙන කරත්තේ ඇදගෙන යන එකයි. අපට තව තවත් පුන්නක්කු තණකොළ ලැබේවා..!

:       0       211

Chathuri Wednesday, 09 October 2019 09:09 PM

අනුරාධපුරේ ලෙඩ වුණු අම්ම ඇල්පිටියේ ගෙදර ඇවිත්. මහින්දගේ රැස්වීමට යන්න බැරිවුණාද? කවුද මෙහෙම කියන්න ඉගැන්නුවේ? සැක නිසා තේ එකක්වත් බිව්වේ නැත්ද? මේ තරම් අහිංසකද දැන් ඉන්න කට්ටිය?

:       334       22

Bandara Thursday, 10 October 2019 12:21 AM

ලැජ්ජයි සජිත්...

:       33       334

Weeraman Thursday, 10 October 2019 12:31 AM

පොහොට්ටුවේ ඉන්නේ ඔහොම වැඩ කරන ලැජ්ජා නැති හොර තක්කඩියන් තමයි.

:       1148       678

Saman Thursday, 10 October 2019 04:17 AM

අනේ වැඩිහිටි බබ්බු..

:       13       8

Nimal Thursday, 10 October 2019 04:35 AM

ඉතින් කාව හරි වන්දනා කරවන්න නේ එහෙම ගෙනිච්චේ? වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගත්විට වරදක් පෙනෙන්න නැහැ

:       22       56

sharm warn Thursday, 10 October 2019 04:41 AM

මෙව්වා ඉතින් සන්ධානේ අයගෙන් ම ඉගෙන ගන්න ඇති ..දෙගොල්ලෝ කරන්නේ දෙගොල්ලන්ගෙන් "ජනතාව මංකොල්ල කෑම " ගැන ඉගෙන ගන්න එකනේ .. ඒ කාලෙ බත් එකයි අරක්කු භාගයයි , දැන් මේ අලුත් වර්ෂන් එක වෙන්න ඇති .. ප්‍රීතියි ප්‍රීතියි ...

:       157       13

hitler Thursday, 10 October 2019 05:54 AM

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උපරිමයෙන් විඳපල්ලා... හිට්ලර් අාවොත් උඹලට හිතේ තියෙන දේවල් ලියන්න වෙන්නේ ගෙදර බිත්තියේ...

:       206       49

BamunuarachchiThursday, 10 October 2019 01:49 PM

එතකොට ප්‍රභාකරන් ආවානම් රටෙන් 2/5 කුත් නැහැ නේද? සිංහලයෙක් වගේ සිංහල නමකින් කතා කරන්න.

:       0       1

amali Thursday, 10 October 2019 06:12 AM

ආතුර, ගෝඨාභයගේ ඡන්ද රැස්වීම තිබුනේ ඊයේ.. මේක කලින් වුණු සිද්ධියක්. සජිත්ගේ රැස්වීමකට ගිය එකක් තමයි මේක. බොරු නම් තව හොයලා බලන්න...

:       3       172

athuraThursday, 10 October 2019 07:34 AM

අමාලි මම කොතැනද? ගෝඨාගේ රැස්වීමට ගිහින් කියලා තියෙන්නේ... කලින් සජිත්ගේ රැස්වීමක් අනුරාධපුරේ තිබුනේ නැහැ. මම ලංකාවේ ඉන්නේ. විශ්වාස නැත්නම් හොයලා බලන්න.

:       24       2

dilal Thursday, 10 October 2019 10:00 AM

හාමුදුරුවරුත් වඩිනවා දඹදිව යන්න මුදල් ආධාර ඉල්ලා. හාමුදුරුවරුන්ට ආධාර කරන ඇත්තොත් වරදකාරයෝ වෙයිද මේ කාලයේ මැතිවරණ කැඳවා ඇති නිසා.

:       0       7

Bamunuarachchi Thursday, 10 October 2019 01:36 PM

අනුරාධපුරේ ගිහිල්ලා ශ්‍රීමා බෝධිය වන්දනා කළොත් තමන්ට විතරයි විමුක්තිය. අනුරාධපුරේ ගිහිල්ලා ගෝඨගේ රැස්වීම බලලා ගෝඨට ඡන්දය දුන්නොත් ඔබ උපන් රටටම නැවත විමුක්තිය උදාවෙනවා. මේ රැස්වීමට සහභාගි වෙන්න පුළුවන් ජීවිතේ එක වතාවයි. ශ්‍රී මහ බෝධිය වදින එක හැමදාම කරන්න පුළුවන්.

:       0       0

ajith Friday, 11 October 2019 02:36 AM

මේක මාර කතාවක්නේ? ඡන්දෙ තියෙන්නේ ඇල්පිටියේ. රැස්වීම තියෙන්නේ අනුරාධපුරේ. 01 වෙනිදා අනුර්ධපුරේ රැස්වීමක් තිබ්බේ කවුද? කොතනද කියල හොයල සත්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැසේ
2025 මැයි මස 10 18 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 63 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 408 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1621 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2703 4

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 504 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1362 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site